Wednesday, 8 June 2016

විරුවකු නොවූ රණ විරුවා 12

ට්‍රින්කෝ යද්දී මං මගේ පුද්ගලික Alinco Hand Held Set එකට ටෙලස්කොපික් ඇන්ටෙනා එක හයි කරල Frequency Scanning mode එකට දාල තිබුනේ. ලංකාවෙ හමුදාවල මේ වගේ සෙට් නෑ . සිග්නල් එකක් වැදුන ගමන් Scroll වෙන එක, සද්දයක් ඇවිත් නවතින වා. ආපු සිග්නල් එකේ Frequency එක සෙට් එකේ ඩිස්ප්ලේ වෙනව. කොල්ලොන්ට ඇහුනොත් උන් බය වෙනවා....උන් දන්නෙ නෑ මේ උඩුරවුල් කාර ඔෆිසර් මොනව කරනවද කියලා. උන් හිතන් ඉන්නෙ මං ඉන්ට් එකේ කියලා...ඉන්ට් එකේ කොන්ඩේ දිගට වවපු සංගීත කාරයෝ වගේ එවුනුත් ඉන්නවා. සමහර එවුන් තනි කනේ කරාබු දාලා පච්ච කොටාගෙන, ටී ෂර්ට් ඇඳගෙන වැල්ලවත්තේ ත්‍රීවීල් එලවනවා. යකෝ...දැන්...උඹල කට ඇරගෙන කියෙව්වට...මං උඹලට ඔක්කොම කියන්නෙ නෑ...ඉයර් ෆෝන් ගහගෙන මං ඇලර්ට් එකේ ඉන්නවා. අපේ සෙට් වල යි ආමි සෙට් වලයි කතා ඇහෙනවා. හුටා...එක පාරටම එනවා ටිකක් ස්ට්‍රෝන්ග් සිග්නල් එකක්..සෙල්වා ආමි නායි...අන්ගල පොංගල බංගලලා...ඩා ..ආ.. මොනවදෝ එක දිගට දෙමළෙන් කියාගෙන ගිහිං නැවතුනා. ආමි නායි කියන එක විතරයි තේරුනේ...උන් Duplex Transmitting...? (මාව කන්න හදන්නෙ නැතුව නෙට් එකේ බලපන්) කරන නිසා එක පාර්ශවයක් කියනදේ විතරයි කැඩී කැඩී අහන්න පුළුවන්. TA නවත්තපන් කැබ් එක....එකෙක් වත් බහින්න එපා...ඉස්සරහ කොටී ළඟම ඉන්නවා....මහ කැලේ නේ සර්...අපි ඉක්මනට යං...නවත්තපන් යකෝ...අම්බලන්ගොඩ අපේ ගමේගමේ...#@$%&*## භාෂාවෙන් කිව්වම...නේවි කොල්ලට  වහාම තේරුනා. නැවත්තුවට... එන්ජින් එක ඔෆ් කරන්න එපා....සමහර ඩීසල් වාහන නැවතුනොත් නැවතුනාම තමයි (ස්තුතිය නන්දන ගැරේජ් ). මේකත් කබලක්. දුම දානවා. ඉයර්  ෆෝන් එක ගැලෙව්වා... සෙට්එකේ ස්පීකරෙන් දෙමලෙන් දිගට හරහට වේගෙන් වරින් වර කියවනවා... දැන් තේරුනාද උඹට?. මං කඹුරු පිටියේදී අය්යලගේ කට හඬ අහල පුරුදුයි නේ....වොලියුම් ටිකක් අඩු කළා.  උඹලට කාට හරි දෙමළ තේරෙනවද ?  නෑ සර්... මට හිතාගන්න බෑ. මුන් ඉසරහින්ද...පස්සෙන්ද...අපට හරි කෙලින්ද ?. හරි කෙලින් වෙන්න බෑ... නැත්තං මුන්මෙලහකට අපට සබ්බුව දීලා ඉවරයි. සර් දැන් මොකද කරන්නේ TA ලෝ වොලියුම් එකෙන් ඇහුවා...පිටිපස්සේ එවුන්...චක...චක...චකස්ස්...( Ku Klux Klan ) වෙපන් කොක් කරනවා. උන්ට ඒව කියන්න ඕනෙ නෑ . උන් පුහුණු  සොල්දාදුවෝ. එත් මං.කියනකන් වෙඩිතියන්න බෑ. මමයි කමාන්ඩර්. මගේ ඒකත් කොක් කරලා දොරට  හේත්තු කලා.     
                 ( මං යෝෂිත බේබිට වගේ Rs.22.23 million  වියදං කරල ඉන්ගලන්තේ  Britannia Royal Naval College එකෙයි...යුක්රේන් උසස් හමුදා ඇකඩෙමි යෙයි පුහුණුව ලබපු එකෙක් යැ.  ශික් බේබි වත් හිටියනං...)    
                   මං නුපුහුණු වොලන්ටිය ඔෆිසර්.  හ්හ් ම්ම්ම්...කොයි පැත්තට ගියත් එකයි.... නෑ...ගොඩක් දුර ආපු නිසා...ඉස්සරහට යමං... එත කොට අපි ට්රින්කෝ බේස් එකට ලංවෙනවා....සර් උන් ඉස්සරහ හිටියොත්... ඉස්සරහ හිටියොත් ද...? සෙට් එකේ සිග්නල් ස්ටෙරෙන්ත් එක තව බාර් දෙකක් වැඩි වෙලා ෆුල් වෙනවා. එහෙම තව එකක් හරි වැඩි උනොත් මං කියන්නං උඹ ආපහු හරවපං...!. යමං ටිකක් හෙමින්...හෙමින් යකෝ හෙමින්...සීල් පෙට්ටියෙන් ගමේ යන්න ඕනෙ නම් හයියෙන් පලයං...සිග්නල් ස්ට්‍රෙන්ත් එක බාර් එකක් අඩු උනා...නියමයි...උන් ඉන්නෙ අපට පිටිපස්සෙන්...දැන් පාගපන්....ලෑල්ලට. විනාඩි පහකින් අපට කොටී ඇහෙන්නේ නැතුව ගියා. උන් ගාව තිබුනේ  වොකී ටෝකි. තමයි. ඉක්මනින් ඇහෙන්නේ නැතුව ගියේ ඒකයි. කොහොම හරි උන්ට අපි මිස් උනා. මේ ගේම් එකේදී...මේ මරු කටෙන් ගැලවිලා එන්න. මං තනියම ඉගෙනගත්ත Ham Radio Fox Hunting (නෙට් එකේ මේ ගැන බලල මොනව හරි ඉගෙන ගනිං)  තමයි ප්‍රයෝජනවත් උනේ. මං එද්දී සෙට් එකයි ටෙලස් කොපික් ඇන්ටෙනා එකයි නේවි එකට දුන්න...මේ ජාතියේ ඒව ගෙන්න ගන්න කියල. මං කිව්වට ඕව ගෙන්න ගයිනිද ?.                           
           මේක කියවන උඹලට...මහ ලොකු කතාවක් උනාට... හැමදාම වෙන මේ වගේ පොඩි පොඩි සිද්ධි උසස් නේවි ඔෆිසර්ලා පඩේකටවත් ගණන් ගන්නෙනෑ....ගණන් ගන්න නම් ක්ලේමෝ එකට අහුවෙලා වාහනේ කුඩු වෙලා පස්දෙනාම එතනම මැරෙන්න ඕනේ. ඒනිසා මං කිසිම නේවි ලොක්කෙකුට ඕව කියන්න ගියේ නෑ. ලොක්කෝ වාහනවල යන්නේ දෙපැත්තෙන් එස්කෝර්ට් දාගෙන පිටිපස්ස සීට් එකේ නිදාගෙන.. පොත කවද හරි හම්බ වෙලා කියෙව්වොත් දැන ගනීවි. හමුදා නිලධාරීයෙක් උනාම අතන මෙතන දොඩවන්නේ නැතුව . ගොළුවක් වගේ ඉන්න ඕනේ. ඒකයි උන් ගදර ආවම ගෑනිටවත් හමුදාවේ දේවල් නොකිය ගොළුවෙලා ඉන්නෙ. යාළුවෙක් යුද්දෙ ගැන ඇහුවත් වැඩි දෙයක් දැනගන්න බෑ. උන් පුරුදු කරල තියෙන්නෙ ඒ විදියට.
                     ඊළඟට කොටී කටට ඩෝරා එකෙන් ගිහිං ඇන්ටෙනාව ටෙස්කරලා පණපිටින් ගෙදර ආ හැටි.
මේ කතාව තව ගොඩක් දිගයි...එත් මේක ලියන එක දැන් නවත්තනවා. දැනටමත් සෑහෙන්න විරෝධය පලවෙලා තියෙනවා... NGO වලින් මාස්පඩි ලබන බ.කු.ස.( බටහිර කුමන්ත්‍රණකරුවන්ගේ සංගමය) සාමාජිකයෙක් ලු. හමුදා රහස් එලිකරනවලු...ද්‍රෝහියෙක් ලු....රණවිරුවන් විහිලුවට ලක් කරනවලු, මේව ලිව්වමකොටී ළඟදීම නැගිටියිලු. අනේ බෑ මහත්තයෝ.. මාස දෙකකින් ඔක්කොම ටික පොතකට අච්චු ගහලා දෙන්නං ! දේශප්‍රේමී ජනතාවෙනි...මේ ටික කියෙව්වට කමෙන්ට් කලාට....බැන්නට ගොඩක් ස්තුතියි
එහෙනම් අපි කැපුනා...Bye..Bye !
## ඔබතුමාල නම් කියයි... මගේනෙ පුක. පොතක් ලියන එක හරි වෙහෙස වැඩක්... මගේ කොන්ද රිදෙනවා දවසෙම වාඩි වෙලා ඉඳලා !. මං ටයිපිස්ට් කෙනෙක් නෙවෙයි. අතින් අකුර අකුරකොටන්නේ. උඹලා සිද්ධාලේප එකක් වත් අරංදෙනවයැ...කියවලා ආතල් ගත්තට !. ටයිපිස්ට් කෙනෙක් හයර්කරලා.පොතක් ගහලා දෙන්නම්...ගල් බෝතලේක ගාන විතරයි ගන්න වියදං කරන්න වෙන්නේ. මං කවදාවත් පොත් ලිව්වේ නැත්තේ හැමඑකාම උඹකියවලා මටත්දීපං කියන ආකල්පෙ තියෙන බව දන්නනිසා. පොතක් පිටඋණ ගමන් කාගෙන් හරි ඉල්ලගෙන බලනවා. නැතනම් ලයිබ්‍රරියේ තිබිල අහම්බෙන් හම්බ උණ දවසක බලන වාකියන ආකල්පෙන් ඉන්නේ ...මං ගියමාසේ රුපියල් 29ව දාහක පොත් ගත්තා. මං පෝසතෙක් නෙවෙයි. නෑ මං මේපොත ගහනවා. දුප්පත් කෙනෙක් ඉල්ලුවොත් නොමිලේ දෙනවා. ලංකාවෙ හැම පාසලටම එකක් දෙනවා. ලේඛයගේ බුද්ධිමය දේපල මංකොල්ල කනවා මිසක් දුප්පත් ඔහුට පොතක් සල්ලි දීලා අරං සතපහක්වත් දෙන්න කමති නෑ ලංකාවෙ මිනිස්සු. නොමිලේ දාන්න පුළුවන් කමෙන්ට් එකක් වත් දානවයැ... මුන්. තනියම කියවල ස්වයං වින්දනේ දෙනවා....ඉතිං ලැස්ති වෙලා ගිහිල්ලා සල්ලි දීලා කරදර වෙලා පොත් ගනී වියැ මුං  ##.
සරත් විමලසුරිය 4s7sw.blogspot.com



16 comments:

  1. සිද්ධාලේප ලොරියක් ගෙදරට එවන්නම්.නවත්තන්න එපා ලියන්න.

    ReplyDelete
    Replies
    1. ow Dr.arinna epa liyanna.kawru hari kooka danawanam kiyanna US Navy Backup ekak evannan loke ona thnakarta.

      Delete
  2. පොඩි ඉන්ටෝල් එකක් අරන් ලියමු බොස්..
    මෙව්ව වෙන කොහෙන් කියලා කියවන්නද?
    රස පෙන්නලා හංගගන්න එක කොරන්න එපා...!
    ජයවේවා..!!

    ReplyDelete
  3. ඒ කියන්නේ ඉවරද?????????? ඔය කොටි නැගිටියි.... බටහිර කුමන්ත්‍රණකාරයෝ කියලා කෑ ගහන්නේ හමුදාවක් තියා සීරුවෙන් හිටගත්ත එකෙක්වත් දැක්කේ නැති උන්....... හැබෑ කැපකිරීම් කරපු මිනිස්සු හැටියට ඔබලාට අයිතියක් තියෙනවා..... එක එකාට බයේ ලියන එක නවත්තන්න එපා....... ඒක මෝඩකමක්...... දිගට ම ලියමු...... ඒ අපේ ඉල්ලීම

    ReplyDelete
  4. ඔය උං කියන ඒව ගණං ගන්නව නං මෙලාකට මේ රට කියල එකක් නෑ ආයිබොවං...
    සිද්ධාලේපද වින්ටජිනෝද අයඩෙක්ස්ද මොනවද ඕන... ඇඩ්ඩැස් එකත් එක්ක කිව්ව නං ඔය ලොරියක් හරි එවන්න...

    අර අපේ විචා මාම ලියන ඒවැය් හැටියට එහෙනං මෙලාකට මනුස්සය ගෙඩි පිටං ගස්

    ReplyDelete
  5. ඕවා ගනන් ගන්න එපා අනේ. ඔන්නොහෙ දිගටම ලියන්න. මේ දවස්වල ඉඳල හිටල බ්ලොග් කියවන්න එන, හදිසියෙන් කියෙව්වත් කමෙන්ට් එකක් වත් දාන්නෙ නැතුව යන මමත් මේ ඇවිත් කියවල කමෙන්ට් කරෙත් ඔබව දිරිමත් කරන්න.

    ReplyDelete
  6. අනේ මේ පිස්සු නං කෙලින්ඩ එපා සෑර් ...ලියාගන ලියාගන යං

    ReplyDelete
  7. bosa pissu kelinnanam epa.api hari serayi.

    ReplyDelete
  8. මං එද්දී සෙට් එකයි ටෙලස් කොපික් ඇන්ටෙනා එකයි නේවි එකට දුන්න...මේ ජාතියේ ඒව ගෙන්න ගන්න කියල. මං කිව්වට ඕව ගෙන්න ගයිනිද ?. ////////////////// +++++++++++++

    ReplyDelete
  9. bosa pissu kelinnanam epa.api hari serayi.

    ReplyDelete
  10. ලියන එකනම් නවත්තන්න එපා මහත්තයෝ...
    අනික පොතක් ලිව්වොත් පොත ලියද්දි මේ බාශා ශෛලය නැතිවෙලා රහ නැති වෙයි කියල මට හිතෙනවා...
    අනිත් සීන්කෝන් එක තමයි මටනම් අනුන්ගේ පොත් බලල හරියන්නේ නැහැ, සල්ලි වලට අරගෙන ළඟ තියා ගන්න ඕනේ හිතුන හිතුන වෙලාවට කියවන්න...

    ReplyDelete
  11. සිද්ධාලේපනං අර හෙට්ටි අයියට කිවුවොත් ඕන තරයි ගෙන්න ගන්න බැරිවයැ. ලියන එකනං නවත්තන්න හිතන්නවත් එපා.

    ලොකූ කියල තියෙනව වගේ පොතක් ලිවුවොත් මේ වගේ රසට ලියවෙන එකක් නෑ.

    ReplyDelete
  12. අපි කොමෙන්ට් දැම්මට ඔහේ රිප්ලයි කරනවය... ඒකෙත් පොඩි කින්ඩියක් දැම්මොත් නල හොඳ එකෙන් පනිනවා... ඉතින් එහෙව් එකේ අපි මක්කටෙයි පුක කාගෙන කොමෙන්ට් දාන්නේ...

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔහේ දාමු බං...මූ දක්ෂයා වෙච්චි අන්ඩස්ටෑන්ඩ්ද බස්ටෑන්ඩ් වේවි ඔහොම යනකොට...!

      Delete
  13. Anritsu කියලා ජපන් commercial set වර්ගයක් අපිට ජාතික රූපවාහිනියෙන් දුන්නා පිදුරුතලාගල ආරක්ෂක මුරය වෙනුවෙන්. මම ඒ hand held set එකකින් පිදුරුතලාගල සිට දියතලාවට කතා කරලා තියනවා repeaters නැතුව.

    ReplyDelete
  14. පොති එකතු කරන එක මගේ විනෝධාංශයක්... ලියන්න... පොත එකතුවට එක් කර ගන්න කැපත්තෙන් ඉන්නවා.....

    ReplyDelete