Tuesday, 7 June 2016

විරුවකු නොවූ රණවිරුවා 9

විරුවකු නොවූ රණවිරුවා 9

මං නේවි එකට ආපු හැටි කියන්න බැරි උනා. අහම්බෙන් සෙට් උන මගේ යාළුව්ක් ඉන්නවා ගාමිණි වික්‍රමසිංහ කියලා හිටපු ලංකා බැංකුවේ හිටපු සභාපති... හොරු බැංකුව සුද්ද කරන්න ප්ලෑන් කරනකොට...නම්බු පිටින් ඉල්ලාඅස්උනා. ගාමිණි ගියා විතරයි...හොරු රංචුව ලංකා බැංකුව මහ දවල් මංකොල්ල කෑවා ! ඉන්නකම් සතපහක පඩියක් ගත්තෙත් නෑ. ඉන්ෆොමැටික්ස් කොම්පැනියේ අයිතිකාරයා...කෝටි පතියෙක්.  එයයි ගෝඨාභයයි දෙන්නම ආනන්දියන්ස්ලා. ගාමිණි වික්‍රමසිංහ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම “ජෙන්ටල් මෑන්” කෙනෙක්. (මං එහෙම නෑ...පිස්සු බල්ලෙක් මගේ කකුල කෑවොත්...මං තප්පර තුනෙන් උගේ කොන්ද කඩනවා). I'm not Short Tempered, I just have a quick reaction to Bullshit ! මට ජීවිතේටම හම්බ වෙලා තියෙන්නෙ “ නොම්මර  එකේ” ජෙන්ටල් මෑන්ල හතර දෙනයි. ආතර් C ක්ලාර්ක්, රේ විජේවර්ධන, ගාමිණි වික්‍රමසිංහ සහ මගේ නේවි එකේ ලොක්කා රෙය අද්මිරාල් ඉලංගකෝන් කියන හතර දෙනා. ගාමිණි වික්‍රමසිංහ දන්නවා...මං පුද්ගලිකව පර්යේෂණ කරලා එක එක ගැජට් හදන බව. ලොකු කෑම්ප් එකකට වැට කපාගෙන කොටී ගහලා  ෆ්ලැට් කරපු වෙලාවේ නිව්ස් බලලා මිනිහා මට වහාම ෆෝන් කළා. මිනිහට පිස්සු වගේ....සරත් ගේම් එක ඉවර වෙන්නයි යන්නේ...මේ යුද්දෙ අපි පරදිනවා...මිනිහගේ දුක්බර කටහඬ ගලාගෙන ආවා. උඹට වත් බැරිද මොන මොනව හරි ටිකක් හදල ආමිඑකට දෙන්න. පුළුවන් මචං...කටුනායක ටත් දුන්නෙ ඔය විදියට මයි...මට හරි දුකයි මචං...වැට කැපුවම බ්ලාස්ට් වෙන්න මුන්ට ක්ලේමෝ එකක් වත් හදාගන්න බැරි එක ගැන. සරත් ඔයා හෙට උදේ හයට කලින් මගේ ගෙදර එන්න ඕනේ....මං ඔයාට ගෝඨා ගාවට ගෙනියනවා. වයිපරේ ට කිව්වා මම හෙට කොළඹ යනවා ඔයා “ටැලිකරං” එකක් ගහන්න අසනීපයි නිවාඩු දෙන්න කියලා. ආණ්ඩුව හොඳයි..යන්නෙ මොකටද අහන්නේ නෑ කවදාවත්...යකඩ කෑලි අහුලන් එන්න නිතර කොළඹ යන නිසා.

                                            බුලර්ස් පාරේ තියෙන ලේකම් තුමාගේ ගෙදරට අපිගියා උදෙන්ම හයා මාර වෙනකොට. ගෝඨාභය ලොක්කා සරම පිටින්ම ඇවිත් මාව ඉන්ටවිව් කළා...මං පත්තරවල මංහදපු දේවල් ගැන පලවෙච්ච ආටිකල් එයාට පෙන්නුවා. ඒව තමයි සහතික...මොරටුවේ කැම්පස් එකේ ඉංජිනේරු සහතික මටතියෙනවයැ. බලන්නකෝ...ගාමිණි ඊයේ රෑත් ඩෝරා එකකට ගහල. අපේ රිපීටර් දාපු සිග්නල් ටවර් කොටී අල්ලගත්ත නිසා අටැක්එකක් ආවම ගොඩබිමට දන්නන්න විදියක් නෑ...බෝට් එකකට සූසයිඩ් ඇටෑක් එකක් දුන්නම අපි දන්නෙ නෑ කොහේදිද මොකක්ද උනේ කියල වත්. දැන් බෝට්ටු 12කට වැඩිය ඉවරයි. අලුත් ඒව ඉල්ලුවත් ඊශ්‍රායල් කාරයෝ එකපාරට දෙන්නෙ නෑ. මුහුදේ යන්න බැරිවෙනවා මේ විදියට ගියොත්. කොටී මූදේ පිණුම් ගහනවා.  වසන්තත් අප්සෙට් වෙලා ඉන්නෙ. ඔයා කිව්වනේ ඔයා ඇන්ටෙනා ගැන හොඳට දන්නවා කියල ට්‍රාන්ස් මීටර් ගැන දන්නව කියල. මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න පුලුවන්ද ? ලේසියෙන්ම පුළුවන්... මං හදපු ඇන්ටෙනා එකක් දෙවුන්දර ලයිට් හවුස් එකේ හයි කරල රේඩියෝ සොසයිටි එකේ කොළඹ රිපීටර් එක මං ඇක්ටිවේට් කරල තියෙනවා. මිනිහට තේරුනා මූ බොරු කයිවාරු කාරයෙක් නෙවෙයි කියල. එයා මාව විශ්වාස කළා. හරි ඔයා ආයෙත් හවසට මෙහේ එන්න මං වසන්තට එන්න කියන්නං. මිනිහ ගැජමැටික් වලට ආසයි. එයා ඔබතුමාට කැමතිවෙයි.
                                             හවස බැරියර් ගොඩක් ඇතුලෙන් රිංගලා මං ගියා තනියම. අද්මිරාල් වසන්ත කරන්නා ගොඩ ආවා. ඉතිං මගේ බෙරේ...වෙන කව්රුවත් ගහනවයැ...මංම ගැහුවා.. නේවි ලොක්ක තදින්ම පැහැදුනා මං ගැන... ඔය දෙන්න දැන් ගාමිණි ලගේ ගෙදර ගිහිං වැඩේ කතා කරගන්න. ගියා ගාමිණීලගේ ගෙදර.. ලොක්කගේ ජීප් එකෙන් ෆුල් එස්කොර්ට් ඇතුව.
එතනදී යුද්දෙ දැන් තත්වෙ ගැන හුඟක් කතා උනා...මට හදල දෙන්න පුළුවන් දේවල් ගැන මං කිව්වා. සමහර දේවල් මං හදපු දේවල් නෙවෙයි හිතපු දේවල්. ඒවා හදල අහුඋනානම් ගල් පල්ලි යන්නවෙනවා. ඔයා කොහෙද බබෝ මෙච්චර කල් හැංගිලා හිටියෙ...නේවි ලොක්කා ඇහුවා...ඔයා නේවි ජොයින් වෙන්න ඕනේ...වොලන්ටියර් ඔෆිසර් කෙනෙක් විදියට...කොමිෂන් කරලා මං ගන්නම්...කල්පනා කරල කියන්නං...මං කැමතියි පිට ඉඳන් උදව් කරන්න. පිට ඉන්න මිනිස්සු තියා ඇතුලෙ ඉන්න එවුන්වත් ඕනවට වඩා විශ්වාස කරන්නෙ නෑ මං....මේක නැෂනල් ඉෂු එකක් ඔයා එන්නම ඕනේ...තුන් දෙනත් එක්ක කජු කකා...ලාවට බ්ලැක් ලේබල් ඩ්‍රින්ක් එකකුත් පටන් ගත්තා... මොකක්ද හලෝ..ඔයා වයිෆ්ට බයේ...ගාමිණි කින්ඩියක් දැම්මා... නෑ නෑ මං GGB නෑ...මොකක්ද GGB කියන්නෙ?...නේවි ලොක්කා ඇහුවා... GGB කියන්නෙ ගෑණිට ගූ බයයි කියන එක ! ලොක්කා හයියෙන් හිනා උනා. දැන් රෑ දහයටත් කිට්ටුයි මං බස් එකේ ආවේ මං නේවි ලොක්කට කිව්වා. 

2 comments:

  1. බුදු අම්මෝ එකපාර පෝස්ට් දෙකක්ම අතෑරලනෙ.

    ReplyDelete
  2. මේක දැක්කම මට හිනාවක් ගියා, දේශපාලන එකක්. ඒක මම පස්සේ වෙලාවකට පාවිච්චි කරන්න වෙපන් එකක් විදියට තියා ගන්නවා.

    ReplyDelete