Monday, 6 June 2016

මං කොයි වගේද 8

මං කොයි වගේද 8 
දැන් ඉතිං කියන්න යන්නෙ ටිකක් දිග කතාවක්... දැන් ඔය ලියපුව ලිව්වේ... වැල් වටාරං නැතුව බොහොම කෙටියෙන්. දැන් කියන්නෙ වයස 52දි සරත් විමලසුරිය සීය...නිලධාරියෙක් විදියට ස්වේච්චා නාවික හමුදාවට බැඳුන හැටි. අවරුදු 30ක් උන මේ යුද්දෙදි කව්රුවත් දන්නේ නැති උනාට මනසින් මං කොටිත් එක්ක යුද්ධකලා....අවි ආයුධ, අමුතුම තාලෙ බෝම්බ හැදුව...ඔත්තු සේවා හැදුව...මගේම ක්‍රම පාවිච්චි කරල ප්‍රභාකරන් ඉන්න තැන හොයාගෙන...උගේ ඔළුවට, මංම වෙඩි තිව්ව. මේකට හේතුවක් තිබුන...හේතුව තමයි මං බලපු ඉතාම අධික යුධ චිත්‍රපටි සංක්‍යාව නිසා හැදුනු යුද්ධඋණ...කොටින්ම මං යුධ චිත්‍රපටි පිස්සෙක්. සාම සාකච්චා වෙලාවේ A9 පාර ඇරිය. මං මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් වන ඩොක්ට ප්‍රියන්කරයි අමරෙයි එක්ක ප්‍රියන්කරගෙ වෑන් එකේ යාපනේ ගියා. ඕමන්තේ මුරපොලේදී අපට මුණ ගැහුන කොටී. පෝලිමේ ඉඳල වීසා අරගෙන එන්ටර් උනා උන්ගේ ඊලාම් රාජ්ජෙට. උන් දන්නෙ නෑ මුන් තුන්දෙනා ගෙන් එකෙක් පුද්ගලිකව ඔත්තු බලන ඔත්තු කාරයෙක් කියල. යාළුවෝ දන්නෙත් නෑ මං යන්නෙ වැදගත් ඔත්තු බලන්න කියල. මගේ ඇහැ තිබුනෙම උන් පාවිච්චි කරන වෝකි ටෝකි, HF/VHF සෙට්, ටවර්, පාවිච්චි කරන ඇන්ටෙනා වර්ග ගැන. හුඟක් ඒව මගේ පුංචි කැමරාවෙන් ෆොටෝ ගත්ත. උන් හරි ආසයි අපි උන්ගෙ ඊලාම් රාජ්ජෙ පොටෝ ගන්නවට. මට ඕන උනේ උන්ගෙ ෆ්‍රීකුවන්සි මොනවද කියල අනුමාන කරන්න. ඇන්ටෙනා වල වර්ගය සහ දිග ප්‍රමාණය බැලුවම මං වගේ එකෙකුට මේක සිම්පල්. ගෙදර ආපු ගමන් හැදුව කෑලි 16ක 2M Vertical Coax Collinear Antenna එකක්. ගේන් එක ඩෙසිබල් 12ක් විතර. කොළපාටින් Camouflage කරල ක්වාටස් එක පිටිපස්සේ තියෙන දැවැන්ත කොස් ගහ මුදුනේ දැම්ම ඇන්ටෙනාව පොල් කඩන එකෙකුට කියල. බඩු නියමෙට වැඩ..කොටින්ගෙ ටවර් වල VHF පණිවිඩ හුවමාරු, කඹුරුපිටියේ ඉස්පිරිතාලෙ කබල් නිළනිවාසෙ ඉඳන් මං අහපු බව කව්රුවත් දන්නවයැ. දෙමළ දන්නෙ නැතිනිසා මට මොනවත් තේරෙන්නෙ නෑ එත් ත්‍රිල්එකට මං අහනව. උන් කලබලෙන් කෑගගහ දවසෙම ට්‍රාන්ස්මිට් කරනවා නම්, මං මංදන්නවා ලොකු ගේමක් අද යනව කියල. සමහර දවස් වලට මුකුත් ඇක්ටිවිටිනෑ . රෑටTV එක බැලුවම තේරෙනව දවල් අහපුදේ ඇත්ත කියල. කෑම්ප් එකකට වැඩේ දීල. නේවි එකට ගියාට පස්සේ ගෙඩිය පිටින්ම ඇන්ටෙනා ටික නොමිලේ දුන්න නේවි එකට. දැන් මං කොටින්ගෙ සිග්නල් මොනිටර් කරන්නෙ ඉන්නෙ නේවි සිග්නල් ඉන්ටෙලිජන්ස් යුනිට් එක ඇතුලෙ ඉඳන්. මට තේරෙන්නෙ...මං වෝ ෆිල්ම් එකක් ඇතුලෙ ඉන්නව වගෙයි...යකෝ මේක බොරු ෆිල්ම් එකක් නෙවෙයි ඔළුව නැතුව කඳ ගෙදර එන ඇත්ත එකක්...මට මාර ත්‍රිල් ! නෝනට කිව්වම කියන්නෙ ඔයාගේ මෝඩ ත්‍රිල නිසා ඉල්ලං කන්න හදන්නෙ කියල. එතන වැඩිපුර හිටියෙ දෙමළ දන්න මුස්ලිම් කොල්ලෝ. වැඩි උගත් කමක් නැති උනාට, උන් හරිම දක්ෂයි...උන්ට පුළුවන් දෙමලෙන් කෝඩ් වලින් කතාකරන ඒවා ඩෙකෝඩ් කරලා ලියන්න. උන් දවසෙම උන්ට ඇහෙන ඒවා ලියලා ලොක්කට යවනවා. වෙනදා ඇහෙන්නේ නැති දුර්වල සංඥා මං ගෙදර හදපු ඇන්ටෙනා එකෙන් ඇහෙනවා ඒවා බලලා තමයි මොකද වෙන්නේ (නිලධාරීන් දෙන්නෙක් මුණ ගැහුණම “මොකද වෙන්නේ” කියල අහන එක නේවි එකේ සිරිතක්) හොයාගන්නේ. දවසක් ලොකු ගේමක් යනවා...උන් කිව්වලු අලුත් පූසෙක් හම්බ උනාකියල. මන්නාරමේ පුංචි නේවි කෑම්ප් එකකට ගහල වෝටර් ජෙට් බෝට්ටුවක් පැහැරගෙන ගිහිං. පූස කිව්වෙ බෝට්ටුවට.
මතු සම්බන්ධයි

9 comments:

  1. මේකේ ෆලෝවින් ගැජට්ටුවත් එල්ලන්නකෝ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  2. හක්ක පනින වැඩනේ කරලා තියෙන්නේ...

    ReplyDelete
  3. හිහි
    මොකෝ වෙන්නේ
    ෆෙඩප් වෙනව...
    බුහැක්.... හිහි...

    ඉතුරු ටිකත් කියවන්න ආසාවෙන්

    ReplyDelete
  4. 4s7sw are you reading me.....?

    ReplyDelete
  5. ඇති යන්තං එහෙම වත් වැඩක් ගත්තා...
    ජයවේවා..!!

    ReplyDelete
  6. ලංකාවේ පුරවැසියෙක් විදියම මම ඔබතුමාට ණයගැතියි. මම හිස නමා ආචාර කරනවා.

    ReplyDelete