Sunday, 5 June 2016

මං කොයි වගේද ? 6

මං කොයි වගේද ? 6
ඉතිං අහම්බෙන් මුණගැහුන මේ බෙල්ජියන් රේඩියෝ කාරයා අදටත් මේලෝකේ ඉන්න මාව තේරුම්ගත්ත එකම මිනිහා උනා. ඌයි මායි ඉන්නෙ එකම ෆ්රීකුවන්සි එකේ. මේ කොදෙව්වේ ඉන්න අනිත් එකෙකුට වත් සරත් විමලසුරිය අදාලම නෑ...දිරවන්නෙම නෑ...හේතුව මං ජීවත්වෙන්නෙ මට ඕන විදියට නිසා. අනිත් එක මං ආගමක් නැතුව ආතල් එකේ කාල බීල ඇවිදල...කාටවත් කරදර නොකර, උදව්වක් ඉල්ලන එකෙක්ට උදව් කරල...ජීවත් වෙන එක. මං දක්ෂයෙක්...ඒක මං බය නැතුවම කියනවා. උන්ට මං වගේ වෙන්න බෑනේ...අදාලම නෑනේ. කඹුරුපිටිය ඉස්පිරිතාලේදී අව්රුද්ද දවසෙ රෑ ඔක්කොම දොස්තරලා පැනලාගියා ගෙවල් වලට...මට ඔය කේන්දර, නැකත් අදාලම නෑනේ...නොනගතේ කියන්නෙ මට අදාල නැති...මං බත්කන වෙලාව. අදටත් එහෙමයි. මං කොවුර්ගේ බාප්පගේ පුතා. රෑ වාට්ටු පහේම වෝඩ් රවුන්ඩ් කරන්න ආව වයිපරේ දීපු අලුත් සරමත් ඇඳ ගෙන. ඩොක්ට සරමක් ඇඳගෙන ?...නයිට් නර්ස් කින්ඩි හිනාවක් දැම්ම...අද අව්රුද්දනේ මිස්...ඔහොමයන් වෝඩ් රවුන්ඩ්ස්. තවත් ලංකාවෙ ඉන්නවද දන්නේනෑ සරම් ඇඳන් ලෙඩ්ඩු බලපු දොස්තරලා. මේක කලේ නිකං ආතල් එකට.
ඉතිං...බෙල්ජියන් රේඩියෝ කාරයා "වීම් එල්බර්ස්" කිව්වා මං උඹට උදව්කරන්නං Amateur Radio Exam කරලා Morse Test එකත් පාස් වෙලා ලයිසන් එක ගන්න. Amateur Radio බයිබලේ ARRL Hand Book එක ලබනසුමානේ උඹට ගෙනැත්දෙයි බෙල්ජියමේ ඉඳන් හොලිඩේ එකට මෙහේ එන යාළුවෙක්. කියපු විදියටම තඩි පොතක් ලැබුන. ඒකෙ ඇන්ටෙනා හදනහැටි ට්‍රාන්ස්මීටර් හදන හැටි ටියුන් කරනහැටි ඔක්කොම තිබුන. වීම් මේ තුන්වෙනි ලෝකේ වඳුරට මෝර්ස් උගන්නන්න පටන් ගත්ත. වීම්ගේ බෙල්ජියමේ රස්සාව නියෝජ්‍ය අල්ලස් කොමසාරිස්. මිනිහා දක්ෂය උනාට කොමසාරිස් කම දීලනෑ දේශපාලන අදහස් සහ ආගමක් නොමැතිවීම යන කාරණා මත. ඔව් ඒරටෙත් මෙහේ වගේ සෙල්ලම් යනවා යටින් නොපෙනෙන්න. මෙහේ නං එළිපිටම ගේම. මේ තනතුර සඳහා තිබ්බ විභාගෙන් පළවෙනිය වෙලාතිබුනේ වීම්. උදේට බොස් මුණගැහුණම...මූ හැමදාම... මුළු ඔෆිස් එකටම ඇහෙන්න කියනවලු...ගුඩ් මෝනිං විභාගෙන් දෙවෙනියා කියල. ලොක්කට තදවෙලා දවසක් ගහගන්න තැනටම ඇවිල්ල. 
මං පලවෙනි සැරෙන්ම විභාගේ පාස්උනා.... ඉලෙක්ට්‍රොනික් දැනුම තියෙන නිසා ගේමක්නෑ. Morse Test එකනම් දෙපාරක් කරන්න උනා...පලවෙනිසැරේ ස්පීඩ් මදි උනා. විනාඩියට වචන 12ක් Sending & Receiving කරන්න පුළුවන් වෙන්න ඕනේ. අර්නස්ට්, මරියෝ වගේ ලෝකල් ඔපරේටර්ලා කිහිපදෙනෙක් උදව් කළා පාස් පේපර්ස් එහෙම හොයා ගන්න. පොලීසියෙන් වගේම CID එකෙනුත් රහසේ හොයල බලල රාජ්‍යආරක්ෂක අමාත්‍යාංශයෙන් ක්ලියර් කරයින් පස්සෙ තමයි ලයිසන් එක දෙන්නෙ ටෙලිකොම් එකෙන්. ඊට පස්සේ පුළුවන් HF ඇන්ටෙනාවක් හදාගෙන... ලෝකෙ පුරාම ඉන්න ටෙක්නිකල් පොරවල් එක්ක ට්‍රාන්ස්මීටරෙන් කතාකරන්න. මේක ෆුල් ආතල් හොබී එකක්. ලෝකෙ වටේම නොදැකපු යාළුවෝ ඉන්නවා මට. එයාලගේ QSL Card එක මට එවනවා QSL Card මගේ එක එයාලට යවනවා. සමහරු ලංකාවට හොලිඩේ එකට ආවම ගෙස්ට් ලයිසන් එකක් අරගෙන මගේ රේඩියෝ ස්ටේෂන් එක පාවිච්චි කරනවා. මං එහේ ගියහම එයාලගේ ස්ටේෂන් එක පාවිච්චි කරනවා. ඔයවිදියට ගොඩක් රටවල රවුම් ගැහුවා මම. මං දන්න ගොඩක් යාළුවෝ නෑදෑයෝ...සුනිල් අයියා කියන විදියට...මේ පින්කෙතෙන් එලියට ගිහිං නෑ. ( හැම එකම හැන්දෙන් කවන්න බෑ Amateur Radio ගැන නොදන්න දේවල් නෙට්එකේ බලපල්ලා !)
මගේ ආදරණීය මිත්‍රයා...ගුරුවරයා...වීම් බෙල්ජියම මොරෝක්කන් මුස්ලිම් ආක්‍රමණිකයෝ අයිතිකරගෙන "Belgikisthaan" කරපු නිසා...කාම්බෝජේ ගිහිං පදිංචි උනා. නොවැම්බර් මාසේ මං කාම්බෝජේ යනවා එයා බලන්න අන්තිම වරට. දැන් අසනීපෙන් ඉන්නෙ

9 comments:

  1. ඔය පින් කෙතෙන් පිට නොගිය අය, යළි උපදින්නෙත් පින් කෙතේම තමයි. හේතු වාසනා වේවා - හේතු වාසනා!

    ReplyDelete
  2. මම ඉන්නෙත් මට ඕන විදියට.. අනිත් එවුන් මොනවා හිතුවත් 'අදාලම නෑ.."

    ReplyDelete
  3. දොස්තර සරමක් ඇඳං වෝඩ් රවුන්ඩ් යනකොට ලෙඩ්ඩු කීදෙනෙක් කලන්තෙ දාල වැටුනද දන්නෑ. හැක්..

    ReplyDelete
  4. අර රාජ් ලොක්ක තමයි මෙහෙ එන්න කිව්වෙ .

    ReplyDelete
  5. අර රාජ් ලොක්ක තමයි මෙහෙ එන්න කිව්වෙ .

    ReplyDelete
  6. අනේ මහත්තයෝ අතරින් පතර වෙන් කරල ලියන්න , ඒක අපිට ලේසියි

    ReplyDelete
  7. //මුළු ඔෆිස් එකටම ඇහෙන්න කියනවලු...ගුඩ් මෝනිං විභාගෙන් දෙවෙනියා කියල. ලොක්කට තදවෙලා දවසක් ගහගන්න තැනටම ඇවිල්ල//
    ඔයිට ආසන්න හේතු නිසා ගස්ලබ්බ හොඳ වන්දි ගෙවල තියෙනවා.. හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
  8. මගේ නොකියා N8 එකේ FM ට්‍රාන්ස්මීටර් එකක් තිබුණා මීටර දහයක. මගේ පොඩි එකීට මේ වැඩේ නැගලම ගියා. සරත් අයියා මුණගැසීමේ ප්‍රීතිය වෙනුවෙන් සිංහල රාජ්ට ස්තුති කරනගමන්, මගේ ඊළඟ පොස්ට් එක මගේ ඇන්ටෙනා පිස්සුව ගැන දාන්නනම්. හැබැයි ඔයා එක්ක ගත්තම මම කුරා කුහුඹුවෙක්.

    ReplyDelete
  9. ඔයා ලියන ස්ටයිල් එක ලස්සණයි.

    ReplyDelete