Sunday, 5 June 2016

මම කොයි වගේද...3

මම කොයි වගේද...3
කොල්ලෝ ළමා සහ ගැටවර වියේදී ආස කරන සමහර දේවල් නීතිවිරෝධී දේවල්. මාත් ඒවගේ ආසකරපු දේවල් වර්ග දෙකක් තිබුන...එකක් රයිෆල් තුවක්කු, මැෂින් තුවක්කු, පිස්තෝල වගේ ගිණිඅවි....මං ආසකල අනිත්දේ වෝකි ටෝකි සහ ට්‍රාන්ස්මීටර්. මේවායේ ක්‍රියාකාරිත්වය ගැන සොයන්න මට තිබුනෙ පුදුම ආසාවක්. මගේ වැඩේට පොඩිකාලේදීම අවස්ථාව හම්බඋනා. ඒ මගේ මාමා නිකවැරටියේ පොලිසියේ රේඩියෝ ඔපරේටර් වෙලා හිටපු නිසා. මෝස් සංඥා ක්‍රමයෙන් තමයි ඒ දවස්වල පණිවිඩ යැව්වේ SSB ට්‍රාන්ස්මීටර් වලින්. නිකවැරටි ගියහම මගේ කාලය ගතඋනේ රේඩියෝ රූම් එකේ. 303 රයිපලේකුයි රිවෝල්වර් එකකුයි අතට අරගෙන බලන්නත් අනගි අවස්ථාවක් ලැබුන මේ බටතුවක්කු කාරයට. මාම PCට කිව්ව...පතුරම් අයින්කරල දීපං... නැත්නම් මේකා හතර අතට වෙඩිතියයි කියල. 303එක මට උස්සන්න බැරිතරම් බරයි. පහු කාලෙක 9MMඑකේ, මිනිඌෂි සිට කාල තුවක්කු දක්වා ගලවලා බලන්න අවස්ථාව ලැබුනා නේවි එකට සම්බන්ධ උනාට පස්සේ. ඒකතාව පස්සේ කියන්නං. තමන් මොනවහරි තදින්ම පතුවොත් ඒක ලැබෙනවා.
අවරුදු 13දි විතර මම සම්බන්ධඋනා මං ඉගෙනගත්ත ධර්මාශෝක විදුහලේ ගුවන්විදුලි සමාජයට. ඉලෙක්ට්‍රොනික් විද්‍යාවේ අයනු ආයනු කියලදුන්නේ මගේ ආදරණීය ගුරුතුමා මහින්දරත්න සර්. ට්‍රාන්සිස්ටර් 1සිට 7දක්වා යන රේඩියෝ එකක් තමයි මුලින්ම හැදුවේ. ට්‍රාන්සිස්ටර්2,3 AM රේඩියෝ හැදුවා...පොල්ගහකට ඒරියල් දැම්මොත් තමයි යන්තමට ඇහෙන්නේ. මට සර් උගන්නන ස්පීඩ්එක මදියි. මං රේඩියෝ ස්පෙයාර් පාට්ස් විකුණන ගම්පහ ඉලෙක්ට්‍රොනික්ස් එකෙන් ඉල්ලගත්ත ට්‍රාන්සිස්ටර් හතේ සර්කිට් එකක්. ඔක්කොම බඩු ගෙනැල්ලා ෆයිබර් බෝඩ් එකක හිල් විදලා එකලස් කලා. ඉස්කෝලේ මෙලෝවැඩක් නොකර දිවාරෑ නොබලා මේක හැදුවා. උත්තරේ බින්දුවයි නෝ කතා නෝ සිනා. කොච්චර දැඟළුවත් හරිගියේ නෑ. මං මේකත් උස්සගෙන ගියා දිසාපාමොක්ගේ ගෙදරට...තමුසේ...එකපාරටම පයින්යන්න හදන මිනිහෙක් මම ඔතැනට එමින් හිටියේ...තමුසෙම හදා ගන්නවා...කියලා ආපහු දුන්නා සර්කිට් එක. මූසිලයා ෆුල්අප්සෙට් එකේ ගෙදර ආවා.
වෑල්ව් රේඩියෝ රෙපයාර් කරන ඇක්මන් බාසුන්නැහේ ගාවට ගෙනිච්චා මගේ රේඩියෝ එක...ළමයා පේනව නේද තියෙන සෙට් තොගේ...මට ඔය පතෝලමැහි බලන්න වෙලාවක්නෑ කියල එලෝගත්ත. තාත්තට යකානැගල හිටියේ...ඕක මත්තෙම මැරෙනවා...ගනිං උඹේ මළඉලව් රේඩියෝ එක...මගේ යාළුවෙක් ඉන්නවා හිරේවත්තේ යමං එයා ගාවට...ගොළු රේඩියෝඒකත්අරගෙන ගියා උදය රේඩියෝ සර්විස්... ප්‍රේම අයිය ගාවට...ෂා මල්ලි නියමයි...ලස්සනට පාස්සලා තියෙනවා...මේ IF ට්‍රාන්ස් ෆෝමර් වලට යටින් තියෙන වයර්කෑලි තුන ගලවලා දාන්න...සෙට් එක කතාකරයි...කියල ප්‍රේමඅයිය කිව්ව. ගෙදර දුවගෙන ඇවිත් ගැලෙව්ව වයර් කෑලි තුන...අම්මට සිරි...ජාහුඟ...මේ තුජ සාආ..ආන්ඬු...සවේ...රේ...යනවා හින්දි කර්තාහේ වාහේ. රේඩියෝ එක මොරදෙන්න පටන්ගත්තා....රෑ ස්ටේෂන් එක වහනකම්ම ඇහුවා සින්දු. පහුවදා ඉස්කෝලෙට ගිහිං පෙන්නුවා සෙට් එක සර්ට...මං පොර මූඩ් එකෙන්...හ්හ්ම්ම්...හොඳයි තියනවා මේක ලබන සුමානේ ප්‍රදර්ශනේට...දිසාපාමොක් කිව්වා !... "සෙට් එක කථා කරයි" ඒ දිරිගන්නපු වචනටික තවමත් මගේ කනේ දෝංකාර දෙනවා !.

8 comments:

  1. //තමන් මොනවහරි තදින්ම පතුවොත් ඒක ලැබෙනවා.// ++++

    ReplyDelete
  2. මමනං තැපෑලෙන් තමයි රේඩියෝ හදන්න ඉගෙන ගත්තෙ. කුමාරසිංහ බාසුන්නැහෙගෙ උපදෙස් අනුව හදපු නිසා පලවෙනි එකම හරිගියා.

    ReplyDelete
  3. මං හදපු එක හරි ගියේ නැ , මේනකයා තමයි ගොඩ දැම්මේ

    ReplyDelete
  4. ගස්ලබ්බටත් බොහෝම ටික කාලයක් සර්කිට් පිස්සුව තිබිලා නැත්තටම නැතිවෙලා ගියා.හැබැයි අදටත් ඊයම් පෑස්සෙන සුවඳට ආසයි.
    ජයවේවා..!!

    ReplyDelete
  5. මම හෙඩ්ෆෝන් එකක් හදන්න ගත්තා. අමුද්‍රව්‍ය මදිකමින් වැඩේ අතහරින්න සිද්ද වුණා. පස්සේ වැඩියෙන්ම යාගි ඇන්ටෙනා තමයි හැදුවේ. තව බයිසිකල් රීම් එකෙන් හදපු ඇන්ටෙනා එක. ඒක අයි.ටී.එන්. එකට හරියට හරි ගියා.

    ReplyDelete
  6. මාත් දන්නේ නැති කාලේ if ටරාන්ස්ෆෝමර් කරකවන්න ගිහිල්ලා අමාරුවේ වැටිලා තියනවා. වෙනස් කරගත්තොත් බඩුම තමයි. ඇහිච්ච චැනල් ආගිය අතක් නැතිවෙනවා.

    ReplyDelete
  7. ඇයි VHF ඇන්ටනාවේ ඩයපෝල් එක දෙපැත්තට අඩි 4 ඇන්ටනා බට දෙකක් ගහලා රනිල් මහතාගේ අයියගේ නාලිකාව නැරඹීම ඒක ඒ කාලේ සාර්ථක විසඳුමක්.

    ReplyDelete