Friday, 10 June 2016

විරුවෙක් නොවූ රණ විරුවා 21

විරුවෙක් නොවූ රණ විරුවා 21
##මේ කොටස (ටිකක්) තාක්ෂණය බරයි...සටන් ජවනිකා කිහිපයක් 15, 17 , 18 පරිච්චේද වල තියෙනවා. ඉක්මනටම  ඒවා කියවන්න කැමති පිංවතුන්...දැන් මේක කියවන එක නවත්තලා...සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ ගේ රම්බෝ 1,2 ආනෝල්ඩ් ශ්වාසෙනෙගර් ගේ කමාන්ඩෝ 1,2,3 සහ ටර්මිනේටර්123 නරඹන්න !##                                                     
                                   
                  Mp5 Submachine Gun එකක් හදලා ගෝඨාභය සර්ට පෙන්නන්න ඕනේ...ලංකාවේ හදපු පලවෙනි මැෂින් තුවක්කුව...!!! පකිසොන්ගෙ එකේ ෆිනිෂ් එක මදියි, ජර්මන් ඔරිජිනල් එකට වඩා...ඔරිජිනල් ඒකත් එක්ක එක ළඟ තිව්වම...අපේ එක අතට ගන්න හිතෙන විදියට හදන්න ඕනේ. මැෂින් තුවක්කුවක් හදන එක සෙල්ලමක් නෙවෙයි. එත් ජර්මනියේ ඕක හදන්නෙත් අඟහරු ලෝකෙන් ඇවිත් නෙවෙයි, මේ පෘතුවිය මත ඉන්න මං වගේ මිනිස්සු මයි. මං හිතුවේ ඒ විදියට.  මේක හුඟක් අමාරු වැඩක්. මේ ගැන අවරුදු විස්සකටත් වැඩිය...පුද්ගලිකව.. මේ අයිඩියා ඒකත් එක්ක දඟලපු මට...මේකට සුදුසු මැටීරියල් එක ලංකාවෙන් හොයාගන්න පුළුවන් උනා. ඒ මැටීරියල් එක...
(1) අධික උෂ්ණත්වයකට  ඔරොත්තු දෙන්න ඕනේ.
(2) සාපේක්ෂව බර අඩු වෙන්නා ඕනේ.
(3) රත් වෙන කොට ප්‍රසාරණය වෙන එක අඩු වෙන්න ඕනේ
(4) පතුරම් හදන පිත්තල තඹ වගේ ලෝහ සමග ඝර්ෂණය අවම වෙන්න ඕනේ
(5) දැවුණු වෙඩි බෙහෙත් වාෂ්ප සමග ප්‍රතික්‍රියා නොකරන්න ඕනේ
(6) භංගුර ( Fragile ) පුපුරන පහසුවෙන් කැඩෙන එකක් නොවිය යුතුයි...
(8) මලකඩ කෑම අවම වෙන්න ඕනේ (AK47 ප්‍රහාරක රයිපලය...කාලයක් පොලවේ වලලා තිව්වත් ගොඩගත් වහාම වැඩකරනවා. ඒක හැදුවෙත් මං වගේ එකෙක් තමයි). එයා ලඟදී මැරිලා...දැන් තව්තිසා දෙව්ලොව දිව්‍ය රාජයෙක් වෙලා ඉන්නවා.
              එම නිසා වානේ මේ වැඩේට සුදුසු නැති බව ගෙදර මැෂින් තුවක්කුවක් හදලා...අල්ලපු ගෙදර නෝටි බෝයි පෙනේරයක් කරන්න බලන් ඉන්න පිංවතුන් කරුණාවෙන් කරුණාවෙන් සලකන්න.
                දැන් ගල් කටස් හදන සැදැහැවත් පිංවතුන් අහන්න එපා...මොකක් ද සර් ඔය මැටීරියල් එක කියලා...ගල් කටස් මැටීරියල් එක Machine Gun වලට හරියන්නේ නැත එච්චරයි. ඉන්බොක්ස් එකේ ඇවිත් කරදර කරන්න එපා. ඔයත් එක්ක මං... තලාම...තලාආයි ...කියන්නෙම නෑ! ලංකාවේ තුවක්කු හදන තහනම ඉවත් කල දවසට කෝල් කරන්න. ඩොලර් 1200ක් දුන්නම හරි !. In my life I didn’t earn money. Now I work for money. මම දැඩි නීති ගරුක පුරවැසියෙකි.        
          මම නෙට් එක ඇතුලට ආවොත් වෙපන් සයිට්වල මයි කොයි වෙලාවෙ බැලුවත්.  ඇමරිකාව, ජෙර්මනිය එංගලන්තය, පෝලන්තය,බෙල්ජියම, ප්‍රංශය, ඉතාලිය, ස්විට්සර් ලන්තය, ස්වීඩනය, නොර්වේ වගේ මේආයුධ හදන අතිශයින් සාමයට කැමති සාම කාමී රටවල් වලට...මේ කාලකන්ණි දුපතෙන් අඩියක් වත් එලියට නොගිය...අපේ පින්කෙත හෙළ රන්දෙරණේ මිනිස්සු බනිනවා...ආයධ වෙළෙන්දෝ මිනී මරුවෝ කියල. ඒරටවල් ලෝකෙට කරන්නෙ සේවයක්. මෝඩයින් මිණීමරුවන්, අනුන්ගේ දේ මං කොල්ල කන මිනිසුන්, ලමා දූෂකයින්  ගෙන් මේ ලෝකය පිරිලා ඉතිරිලා තියෙන්නේ....හිතන්න ආයුධ නැති පොලිසියක් ගැන...අවිහිංසා ධර්මයට අනුව පොලිසියේ පොල්ලක් වත් නැති උනොත් මොනවා වෙයිද ?  ආයුධ නිෂ්පාදනය ලස්සන ස්ව්ට්සාර්ලන්තේ ප්‍රධානම ආදායම් මාර්ගයක් බව මේ මිනිස්සු දන්නෙ නෑ  ආයුධ හදන රටවල මං වගේ උණ කාරයෝ  හුඟක් ඉඳල තියෙනවා. එත් ලංකාවෙ කොල්ලෙක් රිවොල්වර් එකක් හදලත් හිරේ ගියා. හරි මල්ලී...මට දැන් ඉහලම මට්ටමෙන් ග්‍රීන් ලයිට් එක වැටිලා තියෙන්නේ. එත් මේකට පර්මිෂන් දෙන එක ෂුවර් නෑ....
ආයුධ නිපදවනවට ...මිනිසුන් මරාදමනවාට විරුද්ධ...එත්  වෝෆිල්ම් වලට...මේවගේ පොත් වලට ආස පින්වතුන්ටයි මේ කියන්නේ... විවිධ ආගමික, ජාතික, දේශපාලනික...හේතු නිසා... ඉතාම දැඩි අරමුණක් සඳහා කරන අතිබිහිසුණු යුද්ධ වලට...නහි වෙරෙන වේරානි, හෝ අංගුලිමාල පිරිත... ඇප්ලයි කරන්න බෑ මහත්තයෝ.සාදු කියන්න !  
                   ඉලංගකෝන් සර්ට නේවි එකේ දෙවෙනි, තුන්වෙනි පෙළ වල් වලින් කැපිල්ල ජයටම කෙරී ගෙන  යනවා. ඒකයි සර් වගේ කෙනෙක් මාත් එක්කම කිසිම දෙයක් හදන්න පහසුකම් නැති ලේත් මැෂිමක්, මිලින් මැෂිමක් නැති, මිග් වෙල්ඩින් නැති මන්නාරමට වීසි කලේ.  සර් කමාන්ඩර් උනොත් මාරයි...ලංකාවෙ පලවෙනි වෙපන් ෆැක්ටරි එක දාන්න පුළුවන්...බෞද්ධ රටක් නිසා මේක කරන්න මහා නායක හිමිවරුත් ඉඩ දෙන එකක් නෑ...එත්... බහුතර සාමකාමී අහිංසක මිනිසුන් ,ගැහැනුන්...මේ එකකටවත් සම්බන්ධ නැති මල් වගේ කුඩා දරුවන් ගේආරක්ෂාව සඳහා වහාම මරාදමියයුතු තිරිසන් මෝඩ මිනිසුන් ලෝකේ එදත් හිටියා... අද එයිට වඩා දහස් ගණණින් ඉන්නවා... දුනු ඊතල වලින්, බට තුවක්කු, කැටපෝල් වලින් උන් මරල ඉවර කරන්න බෑ. එක තමයි යතාර්ථය. ලෝකෙ අනිත් රටවල් වලින් හිඟා කන්න ඕනෙ නෑ අපිට හදාගන්න ඉඩ දෙනවනම් . පිටරටත් යවන්න පුළුවන්. ඩ්රග්ස් ගාවට තියෙන හොඳම ප්‍රෝෆිටබල් බිස්නස් එක. ආයුධ නිපදවන ඉහතකී රටවල් ධනවත් වෙලා ඉන්නෙ ඒකයි. අමුතුම තාලෙ වෙපන් හදලා ප්‍රභාකරන් පිස්සු කොටියා මරලා...මේ යුද්දෙත් ඉක්මනටම ඉවර කරන්නත් පුළුවන් ! හුඟක් ඉන්වෙන්ටර්ස්ලා  ලංකාවේ හිටියත් අවි ආයුධ වලට පේටන්ට් දෙන්නෙ නෑ ලංකාවේ.
                 මුස්ලිම් මෝඩ ටෙරරිස්ට්ලා නිසා ලෝකයේ  යුද්ධ තව තවත් වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙ නෑ.. උන් කරන්නෙ කිසිම ඩිමාන්ඩ් එකක් නැති (ප්‍රභාකරන් කලේ ඉල්ලීමක් තියෙන යුද්ධයක්) අල්ල කියල මවාගත්ත දෙවිකෙනෙක් ගේ මරිමෝඩ ආගමක් අදහ ගෙන ගෙන කරන ගොං යුද්ධ යක්. ඒක මානව සංහතිය තියෙනකම්ම තියේවි. යුද්ධ නවතින්න උන් ඔක්කොම ආගම අතහැරල දාල මං වගේ...Atheist කෙනෙක් වෙලා...හොඳ මිනිස්සු වෙවීයැ...ඇයි හිනාවෙන්නේ...ඔව් Atheistලා බොහොම ගුණයහපත් මිනිස්සු තමයි...ඒගොල්ලෝ ආගමක් නිසා මරාගෙන මැරෙන්නෙත් නෑ....උස දැවැන්තබිල්ඩින් ප්ලේන් හප්පලා බිමට සමතලා කරලා...දහස් ගණනක්  අහිංසක මිනිස්සු  කිසිම හැඩයක් නැති මස් ගොඩවල් කරනෙත් නෑ.  ආගම් අදහන මිනිස්සුන්ට හිරිහැර කරන්නෙත් නෑ...එත් ආගමික කටයුතු නිසා පාර වහන එකට...රෑ එළිවෙනකම් ලවුඩ් ස්පීකර් මහ හඬින් දාලා...පරිසර ශබ්ධ දූෂණය කරලා...දහවල් වෙහෙස උණ මිනිස්සුන්ගේ නින්දට බාධා කරන එකට Atheistලා... (සිංහලෙන් නිරාගමිකයන්, FB භාෂාවන් නිරාලා) විරුද්ධයි. පරිසරයේ ඉන්න කුරුල්ලන්ටත් නිදා ගන්න අයිතියක් තියෙනවා, සතුන්ට හිරිහැර කරන්න හොඳ නෑ කියල බුදුන් වහන්සේ කියල තියෙනවා කියල මගේබෞද්ධ යාළුවෙක් මට කිව්ව. ආගමක් නැති මම හරියටම දන්නෙ නෑ එහෙම කිව්වද කියල.  මේ අවිහිංසා ධර්මය ගැඹුරින් හැදෑරූ පුජ්‍ය පක්ෂයට මේක තෙරෙන්නේ නැතිඑක හරිම පුදුමයි.  පුංචිම සතෙක් වත් හිතා මතාම මරනවාට... කූඩු කරලා හරියට කන්න නොදී (දෙන්නෙ ඌ කැමති කෑමද ?...නෑ ඔයාල කැමති කෑම)  හිරිහැර කරලා වධ දෙනවාට ඇකමැති...මේ අහිංසා වාදී සාමකාමී ආගම අදහන මිනිස්සුන්ට තේරෙන්නෙනැති එක හරිම පුදුමයි ...වනයේ නිදහසේ  සැරිසැරිය යුතු අලිඅතුන්ගේ...කකුල් තුවාල කරලා දන්වැල් වලින් බැඳගෙන ගිනියම් තාර පාරේ කාෂ්ටක අව්වේ යනකොට උගේ කළු පාට පිට කොච්චර රත් වෙනවා ඇත්ද...කතා කරන්න බැරි සතාට කොච්චර වේදනාවක්ද...හෝව්...හෝව්...ආආන්න සර් ආයෙත් පීල්ල පැනල...මළ කෙළියයි ඔව්නේ...සොරි සොරි සොරි...
             ආයුධ ගන්න...ඊශ්‍රායලය ඉසරහ දණගහගෙන පෝලිම. මාස ගානක්  පෝලිමේ ඉන්න ඕනේ බඩු ගන්න. විකුනන්නේ උන්ට ඕන ගානට... උන්ට ඕන මිනිස්සුන්ට උන්ට හොඳයි කියලා හිතෙන වෙලාවට.. බෝට්ටුව, කෆීර් එක අපිට දීලා... ඒකට ගහන්න පුළුවන් සෑම් මිසයිල් එක කොටින්ට දෙනවා කිව්වට කවදාවත්...එහෙම දුන්න කියල කව්රු කිව්වත් මං පිළිගන්නේ නෑ. වෙන්නේ ආණ්ඩු කැරලි කෝලාහල නිසා කඩා වැටිලා...ත්‍රස්තයන් අතට සෑම වර්ගයකම අවි එන එකයි.  අනේ මෙන්න අපිට මේ නෝටි බෝයිස්ලා ගහනවා...ඉක්මනට තුවක්කු, බෝම්බ  මිසයිල්, ඩෝරා, කෆීර් දෙන්න කිව්වට දෙන්නෙ නෑ ඊශ්‍රායල් කාරයෝ. උන් බඩු විකුනන්නේ නෑ එහෙම .  

ඊළඟට කොටී කටට තනි බෝට්ටුවෙන් ගිහිං ඇන්ටෙනා එක චෙක් කරපු හැටි සහ...මුහුදේ කොටී සමග සටන !
                    

13 comments:

  1. අපිට ආයුධ හදන්න තහනම් මොකද...

    ReplyDelete
    Replies
    1. මටත් තියෙන්නේ ඒ ප්‍රශ්නයමයි , කොහෙද ඉතින් උත්තර දෙවයැ

      Delete
    2. ආයුධ හදන්න UN එක අවසර දෙන්න ඕනේ. ජපානයටත් ඒක තවම දුන්නෙ නෑ. "මැරුවකා" කියල මඩේ Made in Japan පිස්තෝලයක් මාකට් එකේ. නැත්තේ එකයි. රටක මානව හිමිකම් වාර්තාව මේකට ගොඩක් බලපානවා...අනිත් එක තමන් කොයි තරම් බලවත් රටක්ද කියන එක. අර බලපන්...ඇමැරිකාව බින්ලාඩන් හොරෙන් පකිස්තනෙ ඇතුලට පැනල මැරුව, උන්ගෙ පොලිස් කාරයෝ හැමදාම පාරේ ඉන්න මිනිස්සුන්ට වෙඩිතියල මරනවා. එහෙම කියල 2500ක මෙව්වා එකක්ඇති ලෝකයේ උතුම්මරට වන පින් කෙතහෙළ රන්දෙරණේ කෂ්ටියට...ඒම කරන්න බෑ.... ඩෝව්...උඹලට බෑ ඒම කරන්න... මං උඹලට හොඳම එකෙන් නෙලනවා මං වෙනුවෙන් සූසයිඩ් බොම්බ් අටෑක් දෙන්න කැමති බයියෝ සෙට් එකක්ම බස්සලා ... කියල අපේ මැදමූලන අප්පච්චී...(මතක් වෙනකොට ලපටි පපුවට වාවන්නෙ නෑ ...ඉහි ඉහි හඬමින්) ගල් බාගයක් ගහලා...පාරට පැනලා සරම කරට අරං ලබ්බ පෙන්නමින්...කෑගැහුවට...ඇමරිකාව ප්‍රමුඛ ලෝකය පාලනය කරන රටවල්...පඩේකට ගණන් ගන්නෙනෑ. ඕක තමයි යතාර්ථය ...සිරා දන්න බිජ්ජක්අ නෑ...ඇඟ හැම තැනම මොළේ තියෙන අපේ රනිල් හාමු...ඕක දන්නවා ! මට බයියෝ නලවන්න වෙලාවක්ස නෑ. එකයි මචං කමෙන්ට් දාන්නෙ නැත්තෙ. දැම්මත් වැඩක් නෑ බයියෝ මළාට හදන්න බෑ ! උන් එක්ක වාද කරනවට වඩා හොඳයි මගේ ගෝල්ඩන් රිට්‍රෙවර් බල්ලා රයිලි එක්ක කතාකර කර ඉන්න එක. මීට පස්සේ මගෙන් කමෙන්ට් ඉල්ලන්න එපා. මම අතිශය කාර්ය බහුල මිනිහෙක්. බාල ෆෝන් එකකට ඩේට ටිකක් නයට දාගෙන...බෝක්කුවක් උඩට වෙලා නෙට් එකේ... බුකියේ වැඩකට නැති මෝඩ හාල් පාරුවොත් එක්ක වාද කර..කර දවසෙම කමෙන්ට් දාන්න මට ඕනෙ නෑ බං. එහෙම කලයි කියල ඉල්ලංකාවේ කිසිදෙයක් දශමයක් වත් වෙනස් වෙන්නෙ නෑ. මේක මගේ අන්තිම කමෙට් එක...ඕං මං කැපුනා "රාමෙන්"
      සරත් විමලසුරිය

      Delete
    3. පිය...
      ඔන්න මම ඉතිරිය කොම්ප්ලීට් කොලා...

      Delete
    4. Dr.Obathuma kiyana eva sampurna aththa.Mahinda mama gonpart damme nathan thmath Janadhipathi.Aprade Dalles lokka eksath janapayata aralaa Obamage campaign balala api Tele prompter aran deela rate lokka kare.kelam karayonta miniha ravatuna.Mama langadi Matara ava marenekata baiyyo mata set wela denna giye gema.Vade navathune 7veni navika balaniye Blue ridge eka colombata bassema. baiyo pasu bessa MBRL valata baye koti divvata vadi vegen.

      Delete
  2. අනේ සාදු සාදු....

    ReplyDelete
  3. හෙහ් හෙහ් හෙහ් ... පොඩ්ඩක් ඉතර බ්රේක් නැති අවුලක් තියෙනව වගේ. නේද? සමහර වෙලාවට ඇත්ත තිත්ත වගේම මාරාන්තික වෙන්නත් පුළුවන්. ඒවගේම සමහර අදහස් ටිකක් දරුණු වැඩියිත් වගේ. පුදුමයක්යැ ඩොක් ඉතිං බුකියෙ උන් මරාගන්න ආපු එක.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. උඹලට හයියෙන් ගියත් වැරදියි...හෙමින් ගියත් වැරදියි...මොරාල් අප්උන වෙලාවේ එක දිගට ගහල චුරුම කරල දාන්න ඕනේ...මං යනව යන්න. පොත ගහල එන්නං. සල්ලි වලට අරං කියවපං !
      Dr Sarath Wimalasuriya

      Delete
    3. හෝව්... ඩොක් පොඩි වරදවා වටහා ගැනීමක්. බ්රේක් ගැන කිව්හවෙ හයියෙන් යෑමයි හෙමින් යෑමයි ගැන හිතල නෙවි. සමහර අදහස් මෙහෙම ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කිරීමෙදි නැවතීමෙ තිත තියන්න ඕන තැන ගැන හිතල. කොහොම උනත් ඔබතුමාගෙ අදහස් ප්‍රකාශ කිරීමෙ අයිතියට ගරුකරන්න එපෑයැ. කැමති විදියක්. මට නම් ඔය මොන මඟුලක්වත් කොහොමටවත් අවුලක් නැති බවත් කියන්න ඕන.

      Delete
  4. නියමනේ. කළනයා ගේ ඔත්තුවෙන් ආවේ. දිගටම එනවා දැන්. තුන්වෙනි හමුදා බ්ලොගය වගේ.

    ReplyDelete
    Replies
    1. ඔත්තු බැලුව කියල මටත් කෙළියි ද දන්නේ නෑ..

      Delete