Thursday, 9 June 2016

විරුවකු නොවූ රණවිරුවා 20

විරුවකු නොවූ රණවිරුවා 20
20 ....??? කෝ යකෝ එතකොට 13,14,15,16 ,17 ,18,19...? බුකියේ ඉන්න මේක කියවන...උඹලා හිතුවමදී පුතෝ...ගඟෙන් එහා ඉපදුන...නේවිඑකේ “ලුතිනන් කමාන්ඩර් විමලසූරිය” තම්බන්න !!!...උඹලට මගේ පොත ගන්නම වෙනවා මචෝ ....පාඩු නෑබං...ගල් බෝතලේක ගාන දීලා අරං තියාගනිං… එක එකාට නොදී... හම් බැම්මෙන් බැඳලා...පරිස්සම් කරල තියා ගනිල්ලා...උඹල ගේ ඉදිරි පරම්පරාවටම ඉගෙන ගන්න දේවල් ලියල තියෙන්න
උඹලගේ මළ වදේ නිසා තව එකක් විතරක් ලියල දාන්නම්....සමහර එවුන් කියනවා ගෝඨාභය මහත්තයි, අද්මිරාල් කරන්නා ගොඩ සර් ටයි විතරයි ලු. හමුදා ගැන, යුද්දෙ ගැන පොත් ලියන්න පුළුවන්. ඒ දෙන්න තමයි මගේ අවරුදු ගානක් කොටිත් එක්ක තිබුණු Fantasy War Tactics රියැලිටි බවට පත් කලේ. මට ඔය දේශපාලන හුට පට එකක් වත් අදාල නෑ. මට දෙන්නම හොඳටම සහයෝගෙ දුන්නා. මං දෙන්නටම ගරු කරනව. අවරුද්දකින් පොරොන්දු උන විදියට Lieutenant Commander රෑන්ක් එකට ප්‍රමෝට් කළා. එයාල යුද්දෙ ගැන ලිව්වට උඹට ලියන්න අයිතියක් නෑ කියල.... සමහරු කියනව...මාත් ජනාධි පති තුමා විසින් අධිකාරියට පත් කල නිළ ධාරියෙක්... ඒනිසා මගේ භුමිකාව ඔන්න ඔහේ ලියල දානවා...නැත්නම් ප්‍රබන්ධයකට වඩා විශ්මය ජනක...මේ සත්‍ය කතාව අඩි හයක් යටට යනවා මාත් එක්කම. මට යුනිෆෝර්ම් ඇඳගෙන R &D වැඩ කරන්න බෑ බං. ඒනිසා ඇන්දේ නෑ. මට තේරුනේ යුනිෆෝම් ඇන්දම නිකං විකට ඇඳුමක් ඇන්ද වගෙයි. 
කැමා එකනම් මරු...එතකොට තමයි මං යුද්දෙ ඉන්නවා කියල තේරෙන්නේ. මගේ ඇඟ ඇතුලේ ඉන්න සොල්දාදුවා (සොරි ත්‍රස්තවාදියා) එන්නේ...මගේ මොරාල් අප් වෙන්නේ. මං ඒක තලෙයි මන්නාරමේදී වරින් වර ඇන්දා. මට නිතරම හිතුනේ...නොදකින් මේ කොටී බුඋරු පැටව්... මුන්ට මේ කෑම්ප් එකට මූදෙන් බෝට්ටු වලින් ඇවිත් බැහැලා ඇටෑක් එකක් වත් දීගන්න බැහැ... වෙපන් එකක් අරං බීච් එකේ ඔරුවකට මුවා වෙලා ඇමෙරිකන් M16 එකකින්...උන්ට නෙලන්න හරි ආසාවකින් හිටියේ ඩිග්...ජිග්.. ඩිගී ජිගි.. ජිගි..ජිගිග්. මට සංගීතයක් වගෙයි මේ වෙපන් එකේ සද්දේ. වරින් වර කෑම්ප් එකට පිටින් තියෙන වෙඩි පිටියට ගිහිං වෙඩි තිව්වා හැමජාතියකම ලොකු පොඩි වෙපන් වලින්....ඒව ඇතුලේ කොටී ඉන්නවා කියල හිතාගෙන... ග්‍රෙනේඩ් ගැහුවා වලවල් වලට මාරම ත්රිල්...මගේ ඇත්ත වෝ ෆිල්ම් එක....”ටයිගර් හන්ටර්” නියමයි.
තලෙයි මන්නාරම නම් මාරයි...මගේ රාජ්ජේ...මං කරනවා පොඩිකාලේ කල හොරා පොලිස් සෙල්ලම...මගේ ෆිෂින් රොඩ් එක මං අරං ඇවිත් තිබුනා . උදේ හතරහ මාරට ට පියර් එකට ගිහිං මාළු බානවා...පරව් තමයි ගොඩක් ඇල්ලුවේ. ඒමාලු වල රහ තාමත් දැනෙනවා. පරව් පනපිටින්ම ඩීප් ෆ්රීසරේ...හවසට උන් ඩේවල්..දැන් නම් කොල්ලෝ කරන්නේ වීඩියෝ ගේම් නේ. මං කොළඹ සහ මන්නාරමේ ලොක්කන්ගේ මිනිහ නිසා කවුරුවත් මට අත තියන්න ඇවිත් කරන්ට් වද්ද ගන්න කැමති උනේ නෑ. මෙහේ නම් 99%ක් විතර කට්ටිය මාත් එක්ක බිව්වා ලඟින් ආශ්‍රය කළා. හවසට හැමදාම බොන එක රෑට බත් කනවා වගේ සාමාන්‍ය සිරිතක්. හැමදාම පාටි. මගුල් ගදර වගෙයි. හවසට කෑම්ප් එක වටේ ඇවිද්දා... බංකර් වල කොල්ලෝ එක එක දේවල් ලියලා තිබුනා. ලියල තිබුණු හොඳම එක තමයි
”රට බේරා ගැනීමට උතුරට ගිය නාවික සෙබළා...පුක බේරා ගැනීමට ඇඳ වටේ දුවයි !” 
කබොනි ඔෆිසර් ලා ගැනමෙහේ නිතර කියැ වෙනවා...මොකුන්ද බං කබොනියො කියන්නෙ ? කබොනියො කියන්නෙඒ ඒ..ඒ...මේලෝකෙ වැඩක් නොකර...කනව, බොනව, නිදාගන්නව...විතරක් කරන එවුන්ට. සමහරුන්ට කරන්න ලොකු වැඩක් තිබුනෙත් නෑ. මාත් එක්ක වරින් වර තවත් ලුතිනන් කමාන්ඩර් කෙනෙක් කාමරේ හිටියා. මං එයා ගේන වෙපන් ඉල්ලගෙන ගලවලා සුද්ද කරලා...ඔයිල් කරලා දුන්නා. පොඩි එකාගේ ආසාවනේ...ඒ වගේ බැල්මක් තමයි එයා දැම්මෙ. දැන් මං නේවි එකේදී කරපු R&D වැඩ...ආසයිනේ...කරපු පර්යේෂණ ඔක්කොම ලිව්වොත්...මේක “ත්‍රස්ත වාදීන්ගේ අත් පොත” නමින් ලෝකේ හැම භාෂාවටම පරිවර්තනය වෙලා. මැද පෙරදිග මීහරකුන්ගේ අතට පත් වෙලා...ලක්ෂ ගානක් අහිංසකයෝ වලපල්ලට යනවා....කියවලා වහාම මාව බ්ලොක් කරපල්ලා...... උඹල මුකුත් කියෙව්වද...නෑ !. පැය 24න් පෝස්ට් එක ඩිලීට් කරනවා...ඩවුන් ලෝඩ් කරල මට අහු වෙන්න එපා....දැන් දන්නවනේ මගේ හැටි...හැම ගෙදරකම කුස්සියේ සහ ඕනෑම හාඩ් වෙයාර් තියෙන බඩු වලින්. සෙල් ෆෝන් Bomb එකක් හදන්න...මේ “ලුතිනන් කමාන්ඩර් විමලසූරිය”ට යන්නේ විනාඩි 15යි.
දවසක් මගේ කාමරේ හිටපු ඉන්ට් එකේ ඔෆිසර් කෙනෙක් අලුත් බඩුවක් ගෙනාවා. MP5 වෙපන් එකක්. මේකට සයිලන්සර් එකක් හයි කරන්නත් පුළුවන්. මේක ඔරිජිනල් Heckler & Koch MP5 එක නෙවෙයි පකිස්තාන් ඩුප්ලිකේට් එක. ඒක වැටෙන්නේ Submachine Gun ගණයටයි...මේකට සයිලන්සරයක් හයි කරන්න පුළුවන්. නේවි එකේ රහසිගත වැඩවලට තමයි මේක පාවිච්චි කරන්නෙ. යකෝ පකිසොන්ට පුලුවන්නම් මේක ලස්සනට හදන්න අපට බැරි ඇයි ? මේකට දාන්නේ සුලභව තියෙන බ්‍රව්නින්, බෙරෙටා, ග්ලොක් වගේ 9MM පිස්ටල් වලට දාන බුලට්. ළඟ ළඟ කරන සටන් වලට නියම බඩුවක්. බුලට් ටික දීලා වෙපන් එක ඉල්ල ගත්තා ඩොක්ටට කියල දෙන්නද ගලවන්න ? එපා... මං කැමති තුවක්කු තනියම ගලවන්න. කලිනුත් එක එක නේවි සෙල්ලම් බඩු තනියම ගැලෙව්ව නිසා මේක අමාරු උනේනෑ. අතගාපු නැති වෙපන් එකක් ගලවන එක මාර ත්‍රිල්. සියළුම කෑලි සුදු පාට ලොකු කොලයක් උඩ තියලා මගේ ඩිජිටල් කැමරාවෙන් ෆොටෝ ගැහුවා හැම ඈන්ගල් එකකින්ම. ස්ප්‍රින් සහ ඇණ වල ෆොටෝ වෙනම ගත්තා. ඩිජිටල් වනියර් කැලිපරෙන් අන්තිම දශමෙට මෙෂර්මන්ට් අරං ඔක්කොම ලැප් ටොප් එකට දාලා... පෙන් එකට හලා ගත්තා. හරි පකිසනේ දැන් මං ලාස්ත්තියි. 
ඉක්මනට අනිත් කොටස් කියවන්න ඕනෙ නම් මාතර ඉන්න, සිංහලෙන් වෙරි හයි ස්පීඩ් ටයිප් කරන්න පුළුවන් කෙනෙක් මෙහේ එන්න... කෑම සහ හවසට බීම නොමිලේ. 
පොතකලියලා ටයිපිං වලට යවන්න හිතාගෙන...පිටු කාලක් විතර ලියලා මේසෙ උඩ තියලාටවුමට ගියා...අපේ මායියා ඒක පාමසියට දීලා නැන්දම්මට බෙහෙත් අරං. දැන් එකෙන් ටිකක් ගුණයිලු...ඕං දැන් ඇඳෙන් බැහැල ඇවිදිනවා...එපා වෙනව බං!. 
මතුසම්බන්ධයි

24 comments:

  1. //”රට බේරා ගැනීමට උතුරට ගිය නාවික සෙබළා...පුක බේරා ගැනීමට ඇඳ වටේ දුවයි !” //
    හත්දෙයියනේ....
    මේ ඩෝක්... හොඳ බබා වගේ හෙමි හෙමිහිට හරි මේක ලියමු හොඳේ..
    ජයවේවා..!!

    ReplyDelete
  2. ඔයා හරිම කම්මැලියිනෙ. මට වෙලාවකට හිතෙනවා ඔය ටයිපින් වැඩේ භාර ගන්නත්.

    ReplyDelete
    Replies
    1. හැම එකම ස්කෑන් කරන ටෙක් ඩොකා ගාව අපි දන්න කියන ස්කෑනරයකුත් ඇතිනේ, මාතර නොහිටියත් කෑලි ක්‍රමේට වැඩේ කරන්න වොලන්ටියර්ස් ලා තොගෙට හොයාගත්තෑකි, අපි ඇවිල්ලා ස්ක්‍රීන් එකේ මූද පීරලා MH 370 හොයපු අය හොඳේ.

      Delete
  3. 13,14,15,16 ,17 ,18,19 ලියලා දාන්ඩ එපා අප්පා , ඒ ටික ලියුවත් නොලියුවත් ගන්න උන් ඔයාගේ පොත ගන්නවා , මොකො අපි ඔය පොත් දොරට වඩන උස්සව වලට ගිහින් මෙලෝ රහක් නැති පොත් හිටං ගන්නේ . මෙහෙම එකක් නොගෙන ඉන්නවද එහෙම මිනිස්සු...ඒ හි්න්දා කැරි වැඩ කරන්ඩ එපා සර්

    ReplyDelete
    Replies
    1. අපි ඔය පොත් දොරට වඩන උස්සව වලට ගිහින් මෙලෝ රහක් නැති පොත් හිටං ගන්නේ . මෙහෙම එකක් නොගෙන ඉන්නවද එහෙම මිනිස්සු///
      ආයෙත් අහල.. ඒ වගේ පොත් කියක් මං ලයිබ්‍රි වලට දුන්නද
      ඔන්නොහෙ ලියල දාන්න අප්පා

      Delete
  4. පොතකලියලා ටයිපිං වලට යවන්න හිතාගෙන...පිටු කාලක් විතර ලියලා මේසෙ උඩ තියලාටවුමට ගියා...අපේ මායියා ඒක පාමසියට දීලා නැන්දම්මට බෙහෙත් අරං. දැන් එකෙන් ටිකක් ගුණයිලු...ඕං දැන් ඇඳෙන් බැහැල ඇවිදිනවා...එපා වෙනව බං!. ///
    හුකෑස් කිව්වලු...

    ReplyDelete
  5. සෑර් මාර බඩුවක් නෙහ්.. හැක්.. එළ

    ReplyDelete
    Replies
    1. අමතක උනා.. ඔය මොකක් හරි සින්කොරොමයිසින් පාරක් දාලා මේකේ අකුරු ටික අපිට බලන්න පිරිය විදියකට දෙන්ඩකෝ සෑර්..

      Delete
    2. නිකන් හම්බවෙන අස්පයින්ගෙ දත් ගනින්න යන්නෙපා බං. ඔය තියෙන හැටියකට කියවන්න පුරුදු වෙයන්. මේකත් බෑ බෑ කිය කිය ලියන මිනිහා. තව ටික දවසක් ඔහොමම ගියාට පස්සෙ බැරියෑ.

      Delete
  6. හපෝ හොඳ වෙලාවට මේ යකා කොටින්ට අහු නොවි ආයෙත් අපි අතරට ආවේ....

    එහෙනම් මේ යකා හදන සැපෝන් බෝම්බ හැම තැනම තියයි... පෝන් එකක් පාවිච්චි කරන්නත් බැරි වෙනවා... ඒ කාළේ අපිත් ඇට දෙක මසාජ් කර ගත්තා නොමිළේ රණවිරුවන්ට කියලා...

    ඔහේ පොත ලියන්නෙත් මේ විලාසෙන්මද...?

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. //හැම ගෙදරකම කුස්සියේ සහ ඕනෑම හාඩ් වෙයාර් තියෙන බඩු වලින්. සෙල් ෆෝන් Bomb එකක් හදන්න...මේ “ලුතිනන් කමාන්ඩර් විමලසූරිය”ට යන්නේ විනාඩි 15යි.// අති භයානකයි. හැක්..

    ReplyDelete
  9. නේවි එකේ ෆයිට් කොලේ ඩොකාලම ද මන්දා...

    මගේ පන්තියේ හිටි ඉශාන්ත ගුනතිලක දොස්තර තෙමේ කොටි මරා පදක්කම් ද ලැබීය!

    ReplyDelete
    Replies
    1. නේවි එකේ ප්‍රසිද්ධ ඩොකෙක් ඉන්නවා නේද wildlife photographer කෙනෙක් වෙන...
      මට දැන් නම මතක නැහැ...

      Delete
  10. බුකියෙ ලියන්ඩ ඉස්සල්ලා මෙතන ලිවුවනම් ෂෝක්. ෆෝන් එකෙන් බෝම්බ හදන්ඩ ? අපිව බය කරන්න එපා ඩොක්.

    ReplyDelete
  11. පොත මේ ශෛලයෙන්ම ලියමු...
    නැත්තන් වැඩක් නැහැ...

    පොත ගැහුවට පස්සේ දොරට හේත්තු කරන්නේ මාතර දිහාවෙද...
    කොළඹ දිහාවේ කලොත් අනිවා එනවා...

    ReplyDelete
  12. //මාතර ඉන්න, සිංහලෙන් වෙරි හයි ස්පීඩ් ටයිප් කරන්න පුළුවන් කෙනෙක් මෙහේ එන්න... කෑම සහ හවසට බීම නොමිලේ.//

    හැක්. අවශ්‍යතා දෙක නම් වැඩි අවුලක් නෑ. ඒත් මට ඒ හැටි වෙලාවක් තමා නැත්තෙ. කෑම නම් කොහොමත් මට වැඩිපුර ඕන. බීම නම් අදාලම නෑ. ඒ නිසා මට එන්න පුළුවන් උනානම් කෑම සියල්ලම මටත්, බීම සියල්ලම ඩොක්ටත් විදියට බොහොම සමඟියෙන් සාධාරණව බෙදාගන්ට තිබුනා. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. ඔය හාදයොන්ට නොමිලේ බීම දිල පිරිමහන්නද ලොක්කා හිතන්නේ.. මාතර කෙල්ලොත් එකයි කොල්ලොත් එකයි.. කෙල්ලෝ කොල්ලෝ අල්ලේ නටවනවා. කොල්ලෝ බඩජාරිකමට නිකං දෙන ඕන දෙයක් ඩබල් ත්‍රිබල් කරගෙන බොනවා.. ඩොක්.. ඔය ටයිප් සෙටින් කඩේක ගැල්ලමයෙක් අඩගහගත්තා නං.. හැක්..

      Delete
    2. අඩෝ..ව්.. මාතර එවුන්ට අනම් මනම් කියල අහුවෙන්නෙපා. අරිය....

      ටයිප් සෙටින් කඩේක ගැල්ලමයෙක් ! හුග්ඃ.. කිව්ව කියල හිතාගන්.

      Delete
  13. රෙකෝඩ් කරලා එවන්න ක්‍රමයක් තියනවානම් ටයිප් කරලා දෙන්න පුලුවන්...

    අගෙයි ලියන රටාව...

    ReplyDelete