Sunday, 5 June 2016

මම කොයි වගේද...2

මම කොයි වගේද...2
අපේ ගමේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ලේ තිබුන මට අදාල ( අදාලයි යකෝ) විශ්ව විද්‍යාල දෙකක්... එකක් පිට්ටනිය අද්දර තිබුණු මහජන පුස්ථකාලය...අනිත් එක අපේගේ ඉස්සරහතිබුණු නන්දන බාසුන්නැහේගේ...නන්දන ගැරේජ්එක. ඔය දෙකෙන්ම වසර ගණනාවක් මට නොමිලේ උසස්අධ්‍යාපනය ලැබුනා. ඕනෑම දන්න නොදන්න ගැජට් එකක් බයනැතුව ගලවන්න පුරුදුඋනේ බාසුන්නැහේ වාහන ගලවන හැටි බලංඉඳල. මේ ගැරේජ්එකට කාර්, ලොරි, මෝටර්සයිකල්, බෝට්ටු එන්ජින් වගේ දේවල් රෙපයාර් කරන්න හැමදාම ගේනවා. මේවා ගලවලා රෙපයාර් කරනහැටි මං බලං උන්නේ රසවත්කෑමක් අනුභවකරනවවගේ.
මාසෙකට දෙහෙකට සැරයක් ජැන්ඩියට ඇඳපු, බලපිටිය උසාවියේ වැඩකරන පෙරකදෝරු මහත්තයෙක් එනව එයාගෙ ඉතාලි වෙස්පා ස්කූටරේ රෙපයාර් කරගන්න. බාසුන්නැහේ දවසක් ස්කුටරේ වැඩේ බාරදුන්න ගෝලයට. මිනිහා මේක ස්ටාර්ට් කරන්න දිගට හරහට කික් කළා නෝ කථා නෝ සිනා...ගෝලයා අඬු පඬු අරගෙන ස්කුටරේ මස්කරන්න සෙට්වෙන කොට... බාසුන්නැහෙට මළ පැන්නා...බූරුවා...ඉස්සෙල්ලම බලපන් ඕකෙ පැට්‍රොල් තියෙනවද කියල...ජර්මන් ටෙක් ගිහිං ඉගෙනගන්න ඕනෙ පාඩමක් මං එදා ඉගෙනගත්තා. මෝටර් සයිකල්වල ප්ලග් සුද්ද කරන හැටි, කොයිල් එකෙන් ස්පාර්ක් එක එනවද බලනහැටි,කාර්බ්රෙටරේ රොඩු අයින්කරන හැටි, මැගින්ටෝ එකෙන් බැටරිය චාර්ජ්වෙනවද බලනහැටි, කේබල් ඔයිල්කරන හැටි වගේ ප්‍රධාන ලෙඩරෝග නිවාරණය කරන හැටි ඉක්මනින්ම මං ඉගෙන ගත්තා. මං ඉස්සෙල්ලම ගත්ත හොන්ඩා CG125 මෝටර් සයිකලේ නඩත්තුවට මේ දැනුම මට බොහොම ප්‍රයෝජනවත් උනා.
ඊළඟට පෙරකදෝරු මහත්තය ගත්ත සෙකන්ඩ් හෑන්ඩ් ෆොක්ස්වාගන් එකක්. ඒකට වතුර දාන්න ඕනෙනෑ ඒක හුළගෙන් කූල් වෙන එන්ජිමක් තියන කාර්එකක් කියල බාසුන්නැහේ මට කියල දුන්න. එත් මේ කාර් එක ලෙඩගෝදාවක්. මේක හදලා නිවනක් නැති තැන...බාසුන්නැහේ පෙරකදෝරු මහත්තයට කිව්ව...මෙයිට වඩා හොඳයි මහත්තයෝ ඉඩම් නඩුවක් කියනඑක කියල. ඕනම කොල්ලෙකුට මේ ගැරේජ් අධ්‍යාපනේ දෙන්නම ඕනේ. මුළු ජීවිතේටම ප්‍රයෝජනවත් හුඟක් දේවල් ඉගෙනගන්න පුළුවන්. එත් දැන්කාලේ ඉන්න හුඟක් කොල්ලො මොනම කාර්මික වැඩක්වත් දන්නෙ නැති... තමන්ගෙ කාර්එකේ බොනට්එක යට කැරකෙන්නේ මොනවද දන්නේ නැති... ගෙදර අයන්එක කැඩුනම හදාගන්න දන්නෙනැති...අම්මට කියල බත් කවාගන්න ලඳ පොරවල් ! 

11 comments:

  1. දැන් ඉන්න කොරියන් කොන්ඩ කාර 'ලඳ' පොරවල් වලට ගෙදර බල්බ් එකක්වත් ගලවල මාරු කරන්න තේරෙන්නේ නෑ.. අනේ කාලේ..

    ReplyDelete
    Replies
    1. සිරාවටම බං , මං දන්න එකෙක් ඉන්නවා , ඌට ස්කුරුටයිප් හෝල්ඩරෙට දාන්ඩ පින් ටයිප් බල්බ් ගේනවා

      Delete
    2. මම දන්න තට්ට පොරක් එෆ්.බී චැට් එකෙන් උපදෙස් දීලා අහිංසකයන්ට කියලා අයිෆෝන් ගලවවනවා.. හෙහ් හෙහ්

      Delete
  2. දැං ඉන්න ගොඩක් උන් දන්නෙ ස්මාට් ‍ෆෝන් එකේ ටච් එකක් තියෙනව කියල විතරයි. ඔහොම දෙයක් ඉගෙනගන්නෙ කලාතුරකින් එකෙක් තමයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න පට්ට බ්ලොග් එක නේද

      Delete
  3. CG125 බයිසිකලය මගෙත් ප්‍රියතම වාහනයක්, ජර්මන් ටෙක් එක අගය කිරීමගැන සතු‍ටුයි මොකද මමත් එහෙ ඉගෙනගත්තු එකෙක්.

    ReplyDelete
  4. වහ වැටෙන බ්ලොග් එකක්
    ජයවේවා..!!

    ReplyDelete
  5. මට වාහන එන්ජින් එක්කනම් ඔට්ටුවෙන්න බැරි වුණා. ටයර් එක මාරු කර ගන්න වැඩක් නම් කරගන්න පුළුවන්. පොඩි කාලේ විෂයක් විදියට මෝටර් මිකැනික් ඉගෙන ගත්තා. ඔය ප්ලග් සුද්ද කරන එක තමයි පලවෙනි ප්‍රායෝගික කාර්යය.

    ReplyDelete