Monday, 13 June 2016

විරුවෙක් නොවූ රණවිරුවා 14

විරුවෙක් නොවූ රණවිරුවා 14
මං අව්රුදුකෙන් නේවි එකෙන් ගියා...ගියාට වැඩිය මං දැන් යන්න ඕනේ කියලා මටම හිතෙන තැනට දැක්කුවා කිව්වොත් හරි...හිටපු ගමන් දෙන්නටම කැපිලි කෙටිලි එහෙන් මෙහෙන් එන්න පටන්ගත්තා... පස්සේ...ඉලංගකෝන් සර් දවසක් මට කතා කරල කිව්ව. සරත් ඔයාට නේවි එකෙන් යන්න කාලෙ හරි. මේ ඔක්කොම ඔයා හරිම ආසාවෙන් කරන එක ඇත්ත...ඔයා දුක් විඳගෙන තවදුරටත් තලේමන්නාරමේ ඉන්න එපා...මේ යුනිෆෝම් ඇතුලෙ බැහැල ඉන්න...වැඩ බැරි ටාසන්ලා...ඔයාගේ ප්‍රොජෙක්ට් එකක් වත් ඉස්සරහට ගෙනියන්න දෙන්නෙ නෑ...ඔයා ඉක්මනට අස් වෙලා යන්න. ඔයාට මොනව හරි ඉස්සරහට වෙන්නත් පුළුවන්. මටත් මේක තේරුනත්...අලුත් දේ හදන්න තියෙන අධික ආශාව නිසා දිගටම හිටියා...රැකියාව හොබී එක බවට පත් උනාම මිනිහෙක් ඒක ලේසියෙන් දාල යන්නේ නෑ...සමහර විට, ආයෙත් ඔයා ඕන වෙයි කතා කලොත්, එන්න නම් එපා කියල...ඉලංග කෝන්සර් මට සමුදීමේ පාටියක් දුන්නා....වෙච්ච දේට මට හරි දුකයි...මං හුඟක් සංවේදී හදවතක් ඇති මිනිහෙක්...එත් මෙතන ඉන්නෙ...මං ඇතුලෙ ඉන්න ත්‍රරස්තවාදියා ඌ මදාවියා ...ඌ ෆෙයාවෙල් පාටියේදී...බයිට් කකා ඔළුව සාක්කුවට වැටෙන්න ගැහුවා...මං ඇතුලෙ ඉන්න අනිත් එකා...කරුණාවන්ත බොන්නෙ නැති දොස්තර මහත්තය...මා ඉතින්යන්න යනවා... මට යන්න අවසරයි...මට අරං යන්න ඇත්තේ...ඒ මතකය පමණයි..සිංදුව කියලා...කොල්ලන්ට දුක දීලා...කැබින් එකට ඇවිත් නිදාගත්තා....
කියන්න අමතක උනා...කෝ එතකොට හදමින් උන් තුවක්කුව ? ඒකෙ වැඩ 60%ක් ව්තර මං ඉවර කළා...එයිට පස්සේ ඇත්ත MP5 එකේ කොටස් සමග සංසන්දනය කළා හුඟක් අඩුපාඩු තිබුනා මේ පළවෙනි එක නිසා... සාර්ථක ඩුප්ලිකේට් එකක් වෙන්න නම් ඔරිජිනල් කෑලි අයින්කරලා ඩුප්ලිකේට් කෑලි දාලා...ප්‍රශ්ණයක් නැතිව...ඔරිජිනල් ගන් එකෙන්...බර්ස්ට් එකක් ගහලා දාන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක උනේ අනුරාධ පුරේ පුදගලික ගරාජ් වල තිබුණු...ලියවන පට්ටලෙයි...මිලින් මැෂින් සහ ශේපින් මැෂින් වල තියෙන අඩු පාඩු නිසයි. හරි නඩත්තුවක් නැති, රේසර් ගෙවුන හම ගහපු මේ මැෂින් පාවිච්චි කරලා ගල් කටස් එක කට වැඩිය දෙයක් නීට් එකට හදන්න බෑ...නිවැරදිම දශමෙට ලියවන්න බෑ. එත් පීරී ගාලා...ඇමරි කොළවලින් වතුරදලා මැදලා ඔරිජිනල් එකේ ආසන්න ප්‍රමාණයටම අරගෙන, කෑලි එකක් උඩ එකක් දුවද්දී රත් වෙලා ගන් එක Jam වෙන එක (හිර වෙන එක) නවත්තන්න පුළුවන්. යුද්දෙදි ගන් එක Jam උනොත් බඩු බනිස් තමයි .නිළ වශයෙන් අවසර දී ඇති ප්‍රොජෙක්ට් වල වැඩට මේ පට්ටල් වලට නිතර යන්න උනා... කිසිම වාහනේකට යන්න බැරි මේ අබලන් පාරේ මං සුමානෙට දෙතුන් පාරක් ගියා. මන්නාරමේ මග දිගටම කොටී ක්ලේමෝ ගහනවා සමහර දිනවල යන්න කිසිම වාහනයක් නැති උනාම..ගිනිකාශ්ඨක අව්වේ දූවිල්ල කාගෙන... ලෝ බෙඩ් ට්‍රේලර් ( Low Bed Trailer) වල මං ගියා.
තුට්ටු දෙකේ නූගත් දේශපාලුවෝ...බෙන්ස් , ප්‍රාඩෝ, පැජරෝ, අව්ඩි, වොල්වෝ, ජගුවර්, BMW, රේන්ජ් රෝවර්, චවලට් වලයද්දී...මේ පර්යේෂකයා ලෝ බෙඩ් ට්‍රේලර් එකේ තලෙයි මන්නාරමේ සිට අනුරාධ පුරේට නිතර ගියා. මහජන සේවයටනම්...කෝටි පහක් වටින වාහනයක් අමතිකෙනෙක්ට දෙන්නම ඕනේ කියමින්, මහජනයාට TV එකේ තර්ජනය කරන ජාති හිතෙෂි දේශපාලක තුමෙකුට...මේ පොත කියවන්න ලැබේවා කියා මං ප්‍රාර්ථනා කරනවා. පිස්සුද යකෝ...උන් පොත් කියවන්නේ නෑ... උන්ට පැය 24ම මහජන සේවය ඉටුකරන්න තියෙනවා. මම තරුණයෙක් නොවන නිසා මට මේක ගමන හරිම වෙහෙස වැඩක්. බයිපාස් කරපු කෙනෙක් මෙහෙම වෙහෙස වෙන එක හොඳ දෙයක් නෙවෙයි. අනිත් කාරණේ බෙහෙත් වර්ග පහක් බොන මම මේ වැඩ නිසා ඒකම බෙහෙතක් වත් නොබී සිටීම. ගෙදරදී නම් මගේ කරුණාවන්ත නේස් නෝනා වෙලාවට බෙහෙත් ටික දෙනවා.
මගේ ඔලුවේ තියෙන්නේ තුවක්කුව නිසා මොන බෙහෙත්ද. මේ විදියට දිගටම ගියොත්...තුවක්කුව...හදන්න කලින් මං මැරෙන්න ඉඩ තියෙනවා. මං තැති ගත්තා....මං ඒක නිසා කාමරේ බිත්ති හතරේම DRUGS කියලා පොල්ගෙඩි අකුරෙන් කොල හතරක ලියලා ඇලෙව්වා. මේක පේනවෙලාවට බෙහෙත් බිව්වා. ටිකදවසකින් ඒකත් වැරදුනා. තුවක්කුවේ කල්පනාවෙකින්...කාමරේට දුවගෙන ඇවිත්...කම්පියුටරේ මං තනියම ඉගෙනගත්තු Google SketchUp...වලින් අඳපු 3Dතුවක්කු කෑලි දිහා බලාගෙන ඔරවන් ඉඳලා අව්කාෂ්ටකේ... ආපහු වක්ෂොප් එකට දුවනකොට කොට...බෝඩ් පෙනුනේ නැහැ...මට කිසිම වෙහෙසක් දැනුනෙ නෑ යකා වගේ වැඩ....ඒ අපට ඕනෑ තුවක්කු ටික අපිටම මේරටේ හදා ගන්න පුළුවන් කියන එක ඔප්පු කරන්න මට ඕන උණ නිසා.... හොඳ එකක් හදලා මාකට් එකේ තරඟ කරන්න ඕනේ නම් අලුත්...කම්පියුටර් වලින් පාලනය කරන, කෑලි 100000 උනත් තිතට, දශමයක වෙනසක් නැතිව එක සමානව, ස්වයංක්‍රියව ඉබේට ලියවිලා වැටෙන CNC ලෙත් මැෂින් ඕනෙ වෙනවා. මිනිහෙක් මේ වැඩේ කරන විට හියුමන් අයි එරර්ස් එනවාමයි ! 100%ක් එක සමාන කෑලි දෙකක් හදන්න බෑ ...ලොකු ප්‍රඩක්ෂන් කරන්න අමාරුයි.

අපේ සමහර වයසක බාසුන්නැහේ ලා ගොඩක් දක්ෂයි ඒගොල්ලන්ට පුළුවන් 98%ක් නිවැරදිව ඩුප්ලිකේට් කෑල්ලක් හදන්න...මහළු එත් තවමත් තියුණු දෙනෙත 2%ක් වරද්දනවා එත් පීරී ගාලා තුනී ඇමරි කොලෙන් මැදලා කිට්ටුවටම එන්න පුළුවන් බව දන්න නිසා ඔහේ වැඩේ කරගෙන ගියා.
MP5 සබ් මැෂින් ගන් එකට සවිකළ හැකි සයිලන්සරයක් දැනටමත් ලෝකේ හදල තියෙනවා, දවසක් මහ රෑ දෙකට විතර මට එකපාරටම ඇහැ අරුනා. මං වගේ මිනිස්සු නිදාගත්තට මොළේ නිදාහන්නේ නෑ...දවල් දීපු ප්‍රශ්න එයා මට විසඳලා දෙන්නෙ රෑට, ඒ රෑට එයාට වැඩ අඩු නිසා. අනිත් ඉන්වෙන්ටෙර්ස් ලාටත් මෙහෙමද කියල කියල මං දන්නෙ නෑ. මං කල සියළුම නව නිපැයුම් වලට මූලික ප්‍රාථමික අදහස ආවෙ නයිට් මේල් එකේ, මේ විදියටම තමයි. මං වහාම ඒක දිනය දාලා විස්තර සහිතව පොතක සටහන් කරගන්නවා. මේකට ටිකක් වෙලා යනවා. නැත්නම් ඒක උදේට ආයෙත් මතක් වෙන්නෙම නෑ. පොතේ ලියනනෙ නැතුව...කම්මැලි කමට ටොයිලට් ගිහිං චූකරලා ආපහු ඇඳට ගියනිසා...මොළේ තෑගි කරපු සමහර විශිස්ඨ අදහස්...මේඅයිඩියානන්දට සදහටම නැති උනා. මේ විශිෂ්ඨ ඝනයේ කම්පියුටරය පැය විසිහතරම මං මැරෙන තුරුම දුවනවා. මං සැරින් සැරේ අවදි වෙලා ලයිට් දානවා...පොතේ ලියනවා ලැප් ටොප් එකේ 3d models අඳිනවා...මේ හිරිහැරය ඉවසා ගන්න බැරුව...ශාමා මට දොස් නොකියා දූලගේ කාමරේ නිදාගන්න පටන් ගත්තා. දැන් මං නිදහස් නිසා වෙනදා දෙපාරක් විතර ඇහැ අරුණු මට දැන් හතර පාරක් ඇහැ ඇරෙනවා. මට ආපු අදහස තමයි...ආමි,.නේවි, එයාෆෝස්.. තුනේම කොමන්ම වෙපන් එක T56 නිසා…හදන්න ඕනේ මේකට හයි කරන්න පුළුවන් සයිලන්සර් එකක්.
එතකොට ලෝන්ග් රේන්ජ් පැට්‍රොල් කට්ටියට (මහසෝන් බලකාය) පුළුවන් කැලේ ඇතුලටම ගිහිං... එයාලට පුරුදුම අවිය වන ට56න් කොටියගේ පුකටම වෙඩි තියලා අනිත් කොටින්ට හොරෙන් ඇදගෙන එන්න යුද්දෙදි පණපිටින් අල්ල ගන්න කොටියා මැරුණු කොටියට වඩා සිය ගුණයක් වටිනවා. MP5 එකේ සයිලන්සරේ සිදුරට ටෝච් ගහලා බයිසිකල් ස්පොක් එකක් ඇතුලට දාලා අවශ්‍ය මෙෂමන්ට් අරගත්තා. .දවස් තුනෙන් ඇළුමිනියම් වලින් මං මේක හැදුවා. MP5 එකේ එකට වඩා ටිකක් ලොකුයි. දැන් ඉතිං මේක කියවන පාතාලයේ බාප්පලා කියයි... අනේ හැදුව විදිය අපටත් කියන්නකෝ කියලා... මං ඔයාල එක්ක...තලාම...තලායි ඔයාලා නෝටි...මං ෂෝයි...හදපු විදිය කියන්නෙම නෑ...උඹලත් හදන නිසා... මං මේක හදලා..කවරෙක දාගෙන....පරණ ලයිට් හවුස් එකේ ගාඩ් එකේ ඉන්න...කොල්ල ගාවට ගියා. මේක හයි කරලා එකක් මූදට තියපන්...වෙපන් එක බාර දෙනකොට මට මිස් කෝල් එකක් ගහපං....ඌ තප්පර තුනෙන් මේක වෙපන් එකට හයි කරලා ෆයර් කළා...”සිග්”...එච්චරයි...යුරේකා...යුරේකා...යුරේකා !. පට්ට සන්තෝසයි පපුව පැලෙන්න එනවා. කව්රු හරි හමුදාවේ හිටපු හෝ ඉන්න T56 වෙපන් එක ගැන දන්න කෙනෙකුට එන ප්‍රෂ්ණය තමයි මසල් එන්ඩ් එකේ ත්‍රෙඩ් නැති නිසා...පොට ලියවන්නෙත් නැතුව...මේ යකා හරියට බැරල් එකට එලයින් වෙන විදියට...තත්පර තුනෙන් සයි ලන්සර් එක හයි කලේ කොහොමද කියන එක...බෑ...බෑ...කියන්න බෑ. මගේ නිර්මාණය කාට වත් හොරකං කරලා තමන්ගේ ලේබලේ ගහගන්න දෙන්න බෑ. දුප්පත් දොස්තරගේ බුද්ධිමය දේපල. ආයුධ වලට පේටන්ට් ලංකාවෙ දෙන්නෙ නෑ...මේක වෙන රටකට දාලා පේටන්ට් එකක් ගන්න ඕනේ. හුඟක් වෙල් ට්‍රෙන්ඩ් නේවි ඔෆිසර් ලා කියල තියෙනවා...මේ ත්‍රරස්තවාදී දොස්තරය කරන්නාගොඩ සර් කොහෙන් හොයාගත්තද දන්නෙ නෑ... හොඳ වෙලාවට මූ අපේ පැත්තේ හිටියෙ . එත්... එක එක දේවල් ලෝකල් හදලා....මු අපේ Purchasing අප්සෙට් කරනවා. පහුවදා උදේ මං අද්මිරාල් ඉලංගකෝන් සර්ට ගුඩ් බයි තියන්න සර් ගේ ෂැලේ එකට ගියා...මං එහෙනම් යන්නන් සර්...සර් මට යාලුවෙකුට ,සහෝදරයෙකුට වගේ සැලකුවා...කල සියළුම උදව් උපකාර වලට සර්ට ස්තුතියි.. මං සර්ට ආචාර කරලා යන්න ගදනකොට...සර්ට හිනාගියා...සරත් යන් පියර් එකට ඔයාට පෙන්නන්න දෙයක් තියෙනවා...අපි දෙන්නා පියර් එකේ කෙළවරටම ආවා ඔයා අර හොරෙන් හදන මැෂින් ගන් එකයි , T 56ට හයිකරලා අර ලයිට් හවුස් එක අතුල ඉඳන්... මූදට වෙඩිතියන්න පාවිච්චි කරපු සයිලන්සරෙයි දෙකම බෑග් එකෙන් එලියට ගන්න.
ලෝ වොලියුම් එකෙන් එත් තදින් කිව්වා...ඔයා මට කියල හදන ඒවයි නොකිය හදන ඒවයි දෙකම මං දන්නවා. මටහොරෙන් මේ කෑම්ප් එකේ කිසිමදෙයක් වෙන්න මං ඉඩ තියල නෑ. මං ඔයාට යාළුවෙක් විදියට සැලකුවේ. ඔයාට මෙව හදන්න ඉඩදුන්නේ... ඔයා මේව හදන්නෙ... ප්‍රමෝෂන් ගන්නවත් මෙඩල් ගන්නවත් නොවෙන බව මං දන්න නිසා...ඔයාව නැවත්තුවොත් ඔය නේවි එකෙන් අයින් වෙනව කියලත් මං දන්නවා. ඔයා කරපු වැඩේ වැරදියි...බරපතලයි මං නැතුව වෙනකෙනෙක් මේ පුටුවේ හිටියනම් අනිවාර්යයෙන්ම ඔයාව කෝට් මාෂල් කරනවා. ඉන්වෙන්ටර් කෙනෙකුට බාධා කරලා කල කිරවන එක නරක නිසයි මං මෙච්චර කල් ඔයාගෙන් මේ ගැන ඇහුවෙ නැත්තෙ....ඔව් සර් ඒ දෙකම බෑග් එකේ තියෙනවා...සයිලන්සරේ කම්ප්ලීට් නිසා සර් ඒක R&D ප්‍රඩක්ට් එකක් විදියට බාරගන්න.... මං ඒ ගැනත් කල්පනා කළා සරත්. ..ඒක ඩේන්ජරස් ප්‍රඩක්ට් එකක්. මේක නාවික හමුදාවේ පාවිච්චි කලොත් ඩුප්ලිකේට් පාතාලේ පාවිච්චි වෙන්න ඉඩ තියෙනවා. සයිලන්සරේ දාලා T56න් සද්දේ එන්නෙ නැතුව කරන මිනි මැරුමක් උසාවියේදී ඔප්පු කරන එක අමාරුයි. මං ඒ දෙකම එලියට ගත්තා...මට ඕවා බලන්නවත් ඕනෙනෑ...දැන් ඉතිං... මූදේ පුළුවන් තරම් ඈතට ඕවා වීසි කරන්න...කියල ඉවර වෙනකොටම මං ඒව මුදට වීසි කළා...වතුර ටිකක් මුඋදේ ඈතින්...වතුර මතුපිටින් උඩට පැන්නා....මං ඔයාට ආදරෙයි... එත් ඔයා බරපතල විදියට නේවි එකේ විනය කැඩුවා...මට ඔයා තවදුරටත් නේවි එකේ තියාගන්න බෑ...එකයි යන්න කිව්වෙ...දැනටත් කරදර තියෙන නිසා ඔයා අමාරුවෙවැටෙන එක මට බලං ඉන්න බෑ...මේක කේලම් කියන බෙලිකපන භයානක දරුණු...හිතක් පපපුවක් නැති මිනිස්සු පිරුන තැනක්....ඔයාවගෙ දක්ෂයෙක් නිකරුනේ අමාරුවේ වටෙන්නයි යන්නේ. දැන් ඔයාටම තේරෙනව ඇතිනේ....I’m sorry Sir…No...No Sarath...It’s OK...Good Luck...සර් මට අතට අත දුන්නා. ඔයා මටත් පොඩි උදව්ව්වක් කරන්න ඕනේ... ඔයා අපේ ගන් එකේ ගත්ත ෆෝටෝ ඔක්කොම ගෙදර ගිය ගමන් ඩිලීට් කරන්න ඕනේ. නාවික හමුදාව හොරට හදන තුවක්කු ගන්නෙ නෑ.... දැන් ඔයා යන්න...ආචාර කරන්නත් අමතක උනා....මං මොනවත් නොකියා ටිකක් දුර ඇවිත් ආපහු හැරිලා බැලුවා....සර් මං යන දිහා බලං ඉන්නවා. සර් ගේ මුනේ ඒ වෙලාවේ තිබුනෙ සතුටක් ද දුකක්ද මං දන්නෙ නෑ.
{ සැ:යු මගේ තාත්තා නැෂනල් අඳින...පරණ සිංහල, සාහිත්‍ය ගුරුවරයෙක්. පුහුණු ගුරුවරියක් වූ අම්මා... ඉගැන්නුවෙ බුද්ධාහම සහ සිංහල. ඒකයි මං දිගටම දහම් පාසැල් හිහින්...අන්තිමටම කාලාම සුත්‍රය, මජ්ජිම නිකායේ ...බ්‍රහ්මජාල සුත්‍රයේ...සීලස්කන්ධ වග්ග...කියවල බුදු හාමුදුරුවන්වගේ...නිරාගමිකයෙක් උනේ…අම්බලන්ගොඩ පටබැඳි මුල්ලේ...සිරිනිකෙතාරාමයේ අමාමග දහම් පාසැලේ පණ්ඩිත හාමුදුරුවෝ මට දහම් පාසලේ උගන්නන්න කිව්වා…මං බෑ කිව්ව. පන්සලට බැරි උනා...හැමදේම ප්‍රශ්න කරන...මේ කාළාමයන්ගේ බ්‍රේන් වොෂ් කරලා පරලොවට බයගුල්ලෙක් කරන්න...සරත් විමලසුරිය විනීත කුල කුමරුවා...” නිල්පාට මුගලන් ධාතු ප්‍රදර්ශනේ “...දවසක් පෝලිමේ තියන්න...පන්සලට බැරිඋනා.
මං මේටික කිව්වෙ සුදු කොඩිය උස්සන් ආපු...අහිංසක ප්‍රබාකරන් බේබි පොරවෙන් ගහල...මැරුව කියල හොටු පෙරාගෙන අඬන අපේ මානව හිමිකම් මල්ලිලා...මං මිනීමරන්න උදව් කල එකෙක් කියලා FB එකේ මට බනින නිසා....ඔව් උදව්කලා තමයි....එකයි ඇඳ යට හිටපු උඹලා වගේ අපතයො...දැන් ඇඳ උඩ ඉන්නෙ. මේක ලියනනේ ත්‍රස්ත වාදියා... දොස්තර හොඳහිත නෙවෙයි... එයා ඉන්නෙ මාතර MOH එකේ. ඔය පහත තියෙන බ්ලොග් පේජ් ඒකත් ටෙරාගේ. ඒ නිසා ඉඳහිට ...නරක වචනත් ලිය වෙනවා. ඩොකා ටෙරාට බැනලා කුණුහබ්බ කියන එක අඩුකලා. නැත්නම් ඉස්කෝලෙ යන කෙල්ලෙක් මේක කියවලා යේසුස් වහන්සේ ගේ අම්ම වගේ... ප්‍රෙග්නන්ට් වෙන්න හොඳටම ඉඩ තිබුනා. දරුව දෙයියන්ගෙ කිව්වට කිතු දහම අදහන කව්රුවත් පිළිගන්න එකක් යැ }
මතු සම්බන්ධයි....
සරත් විමල සුරිය
4s7sw.blogspot.com

11 comments:

  1. ///මං මිනීමරන්න උදව් කල එකෙක් කියලා FB එකේ මට බනින නිසා....ඔව් උදව්කලා තමයි....එකයි ඇඳ යට හිටපු උඹලා වගේ අපතයො...දැන් ඇඳ උඩ ඉන්නෙ. මේක ලියනනේ ත්‍රස්ත වාදියා... දොස්තර හොඳහිත නෙවෙයි...///

    දැන් ලංකාවේ ඉන්න මිනිස්සු නෙමෙයි යුද්දේ කාලේ ලංකාවේ හිටියේ, යුද්දේ කාලේ දෙපරන්ද අස්සේ නගුට ගහගෙන හිටපු ලංකාවේ මිනිස්සුන්ව යුද්දෙන් පස්සේ වෙන රටකට පටවල පට්ට සාධාරණ අමුතුම ජීවින් කොටසක් ලංකාවට ගෙනාවනේ...
    උන් තමයි එහෙම බනින්නේ...

    තව ටික දවසකින් ඕකුන් උද්ගෝෂණයක් උනත් කරන්න බැරි නැහැ ප්‍රභාකරන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන්න "යුද්දය අවසන් කරන්න සහය දක්වපු 'හමුදා කාරයෝ' ඔක්කොමව එල්ලලා මරන්න හරි ගෝල්ෆේස් එකට ගෙනත් වෙඩි තියන්න" හරි කියලා...

    ReplyDelete
  2. බඩු ටිකක් හදාගෙන පෙරලමුද මු‍ංගෙ ආණ්ඩුව?

    ReplyDelete
  3. You were a CofN's choice. How did RAdm Illangkoon asked you to leave the Navy in that way?

    ReplyDelete
    Replies
    1. මටත් අහන්න ප්‍රශ්න ගොඩක් තියනවා. නමුත් මෙතුමා පිළිතුරු දෙන්නේ නැති එක ගැන කණගාටුයි. හමුවෙලා කතාකරන්න තියනවනම් හොඳයි.

      Delete
    2. හරි දැන් ඕනෑම ප්‍රශ්ණයක් අහන්න !

      Delete
  4. අම්මට හුඩු අයියා මාරයිනේ......... මැලේසියාවේ වැරදිලාවත් අවොත් මාගේ ගානේ ඩිනර් එකක්........... (එදාට තමයි මම ඔය තුවක්කු සයිලන්සරේ හදන හැටි අහ ගන්නේ)
    ආ .... අමතක උනා රාජ් පෙන්නපු පාරෙන් තමයි අවේ

    ReplyDelete
  5. වෙන රටක හිටියනම් හොදට හොයන්ඩ තිබුණා....

    ReplyDelete
  6. දැන් නම් ඇස් රිදෙනවා සතියක්ම බලන් ඉදල.

    ReplyDelete
  7. හැමදාම වගේ රටේ හිටිය හොදම නිර්මාණ කරුවන්ට වෙච්ච‍ෙ අසාධාරණයන් අහල තමන්නගේ දරුවන්වග‍ෙ රුකබලාගත්ත හදාවඩාගත්ත නිර්මාණයන්ට වෙච්ච දේවල් අහල ඇස්දෙක තෙත්උන තවත් වාරයක්.
    මොනව උනත් මේ රටේ තිබුන යුද්ධය තවත් වසර දහයකට පහළොවකට ඉස්සරලා ඉවරකරන්න අවස්ථාව තිබුනාකියල හිතනේනේ දැනුයි මට අදටත් තියන ප්‍රශ්නය මේරට නව නිර්මාණත් එක්ක මෙච්චර තරහ අැයි කියනඑකයි මහත්තයෝ ඔයා කියනව වගේ අහල පහල ඉන්න එවුන් කියන දේ ඇහුවොත් කවදාවත් නවනිර්මාණයක් කරන්න වෙන්නේ නෑ මොකද හදපු එකාට වඩා හොදට උන්දාන්නව ඒකේ අඩුපාඩු
    මොනව උනත් ඔබතුමා රටට ණය නැති පුතෙක් කතා කරන්නවත් ලැබුනොත් වාසනාවක්

    ReplyDelete