Wednesday, 8 June 2016

විරුවකු නොවූ රණවිරුවා 11

විරුවකු නොවූ රණවිරුවා 11
කමාන්ඩර් කිව්වා...ඉලන්ග්ස්... ඩොක්ටගෙ ගේ ඇන්ටෙනා ප්‍රොජෙක්ට් එක ගැන ඩිස්කස් කරන්න ඉලෙක්ට්‍රිකල් ඩිපාර්ට්මන්ට් එකේ ඉංජිනියර්ස්ලත් එක්ක..දැන් ගහින් පටන් ගන්න...මං කිව්ව කොමඩෝර් Xට මේ ප්‍රොජෙක්ට් එක ගැන. (X තමයි ඉලෙක්ට්‍රිකල් ඩිපාර්ට්මන්ට් එකේ ලොක්ක). ඔන්න යුද මෙහෙයුම් ගැන සාකච්චා කරන ඕවල් හැඩේ ලොකු මේසයක් තියෙන ඒසී කරපු, පොලිෂ් කරපු ලෑලි වලින් වටකරපු ලොකු කාමරේකට අපි දෙන්න ගියා. තොප්පි වල...මල්වැල් එක සහ දෙක තියෙන...උරහිසේ පටි තියෙන...අලංකාර නිළ ඇඳුම් අඳපු නිලධාරීන් සාකච්චාවට ආව. මං එයාලට කිව්ව මගේ Amateur Radio අත්දැකීම් ගැන...සහ මං හදපු HF/VHF Cubical Quad ඇන්ටෙනා ගැන...ගොඩක්අය නිකටට අත තියාගෙන මගේ සුරංගනා කතාව අහන් ඉන්නවා...හරි ඔබතුමා කිව්වනේ මේ ඇන්ටෙනා එකෙන් දෙවුන්දර ලයිට් හවුස් එකේ ඉඳගෙන කොළඹ රිපීටරයක් ඇක්ටිවේට් කළා කියල, මිලි වොට් 250ක, මොබයිල් හෑන්ඩ් හෙල්ඩ් සෙට් එකකින්... ඔව්…සර් Doctor You are a person who doesn’t believe the globe is round…Doctor I’m a qualified engineer I can’t believe this story..තවත් ඉන්ජිනියර් කෙනෙක් ලොක්කාගෙ කතාව අනුමත කළා...ඕක කරල පෙන්නුවොත් මං බෙල්ල කපාගෙන මැරෙනවා.....ජීවිතේට ඇන්ටෙනාවක් හදපු නැති( ඔව් මට ෂුවර් )...කොමඩෝර්X...බෙරිහන් දුන්නා....(කොහෙවත් හිටපු දොස්තරයෙක් එනව ප්‍රෝෆෙෂන්ල් වෙල් ට්‍රේන්ඩ් නේවි ඔෆිසර් ලට කොමියුනිකේශන් උගන්නන්න. මිනිහ හිතුවේ ඒ විදියට කියල මට තේරුණා) X නැගිට්ටා...සාකච්චාව ඉවරයි !. 
සර් වත් මං වත් මුකුත් කිව්වෙ නෑ...අපි බරවුණු හිතින් ඔළුව නවාගෙන එලියට ආවා. සර්ටඕවා හොඳට පුරුදු බව පෙනෙන්න තිබුනා. එයාගෙ මූනෙ තිබුනෙ...මුන්...උදව්වට ගෙදරට ආපු මිනිහට...කතා කරපු විදිය හරිනෑ කියන එක....මට ඒක තේරුණා. ටිකක් දුර කල්පනාකර කර ගිහින්...නේවි එකේ ඔහොම තමයි සරත්...ගණං ගන්න එපා...සර් කිව්ව. ඔයාට විශ්වාසයිනෙ ඔයා කරන දේ...සරත් දිගටම බය නැතුව කරගෙන යන්න. එයාලට බයවෙන්න එපා...කමාන්ඩර් අපේ පැත්තේ. හවසට එන්න බාර් එකට ඩ්‍රින්ක් එකක් දාන්න. මං යනවා...සර් ගියා . රෑ ඩ්‍රින්ක්එක දාන ගමන් අපි එක එක රස කතා කියා කියා හිනා උනා. සර් නේවි එකේඒව 1ක් කියන කොට මං සෞක්‍ය ඒව 10ක් කිව්ව....දවල් කේස් එක තාවකාලිකව දෙන්නටම අමතක උනා. 
ඇ න්ටෙනා ටියුන් කරන Cross Needle SWR මීටර් එකක් වත් නෑ නේවි එකේ. මං ළඟ බඩු හෑව්. ඒව නේවි එකේ කට්ටිය දැකලත් නෑ. කවදාවත් නේවි එකේ VHF ඇන්ටෙනා එකක් කව්රුවත් හදලත් නෑ. ගබඩාවේ තියෙනව නම් හදන්න ඕනෙ නෑනේ...අදාලම නෑනේ... ඇන්ටෙනාවයි, බවුත් ,අඬු ,පඬු,වයර් කේබල් ඔක්කොම, බොරු සිවිල් නම්බර් එකක් ගහපු...නිල් පාට පිකප් එකක පටවගෙන... කල්පිටියේ යන්න උදේ පාන්දරින්ම 3ට විතර පිටත් උනා. අපේ රිසර්ච් ටීම් එකේ, සබ් ලෙෆ්ටිනන්ට් චමිල් කොල්ලත් අමාරුවෙන් කැමති කරගත්තා මාත් එක්ක යන්න. උඹ බයද...සර්ට නම් මොකද...මං තාම බැඳලත් නෑ චමිල් කොල්ල කිව්ව. ඌත් ලඟදී ඇවිත් තිබුනෙ. මොකක් ද සර්...ඔය මැජික් ඇ න්ටෙනා එක..? .චමිල් මේක radio Amateursලා විතරක්පාවිච්චි කරන එකක්.Radio Amateurs ලා ඩිවෙලොප් කරපු එකක්. Radio Amateurs ලා අතර තියෙන සිග්නල් වලට තියෙන කෑදර කම නිසා...කොමර්ෂල් ඇන්ටෙනා පාවිච්චි නොකර හොඳම එක හදන්න මහා තරඟයක් තියෙන්නේ. Radio Amateursලා තමයි ගොඩක් ඇ න්ටෙනා ඉන්වෙන්ට් කරල තියෙන්නෙ. දැනට වැඩ පෙන්නපු හොඳම එක. Cubical Quad එක. මේක Full Wave length Antenna එකක්... තේරුණත්...නොතේරුණත් මිනිහ උසස් නිලධාරියා කියන එක බාධා නොකර ඔහේ අහන් ඉන්නව. මිලිටරි වැඩ වලට මේක පාවිච්චි වෙන්නෙ නෑ...වෙන රටවලට මේ වගේ ප්‍රශ්ණයක් නැති නිසා. ඒ අයට Yagi හරි Vertical ඇන්ටෙනා හරි පාවිච්චි කරහම හොඳටම ඇති. (තාක්ෂණික වචන තේරෙන්නේ නැති පිංවතුන්...ඉන්ටර් නෙට් කියල එකක් තියෙනවා ඒකේ සර්ච් කරන්න...තේරුනාම සාදු කියන්න).
කල් පිටි යද්දී ට්‍රැෆික් බ්ලොක් එකට අහුවෙලා හුඟක් පරක්කු උනා විජය නාවික කඳවුරට යනකොට. අඟලෙන් අඟලට සොල්දාදුවෝ. කොටී පැනපැන කෑම්ප් වලට නෙළන කාලේ. අපි යන්න හිටපු පැට්‍රොල් බෝට් එක අපි එනකං බලං ඉඳලා ගිහිල්ලා....දැන් ඉතිං මොකේ දැයි දන් වළඳන්නේ...කොළඹ හෙඩ් ක්වාටස් එකෙන් උපදෙස් ඇහුවා මං...කෙලින්ම යනවා හබරණට. හබරනදී ටිකක් විවේක අරගෙන යනවා ට්‍රින්කෝ බේස් එකට. හබරණ ඉඳන් ඩේන්ජරස්...කැලේ ඇතුලෙන් යනකොට ක්ලේමෝ ගහන්න ඉඩතියෙනවා...එස්කොර්ට්එකට කමාන්ඩර්ට කියලා කොල්ලෝ දෙන්නෙක් ඉල්ල ගන්න වෙපන්ස් එක්ක...උන් හෑන්ඩ් ග්‍රෙනේඩ්ස් අරගෙන එයි...ඉලන්ග්ස් සර් උපදෙස් දුන්නා. කොල්ලෝ දෙන්නා ඇහුවා ...සර්ට වෙපන් එකක් සර් අත්සනක් දාලා අරං එන්න. බොඩි ආමර් එකකුත් ඉල්ලගෙන එන්න. ID එක පෙන්නලා බඩු අරං ආවා.කොල්ලො දෙන්නත් සිවිල් පිට යන්නේ....නැග්ග කැබ් එකට TA(ඩ්‍රයිවර්) නගිනවා...හරි ලමායි..යං...ලුතිනන් සරත් විමලසුරිය ප්‍රථම වරට අණ දුන්නා....ඔන්න වෝෆිල්ම් එක පටන් ගත්තා ඩින්ග් ... ඩින්ග්...පපර...පප්පර...පෑං.පට..පට..පට්..ට්ට් අම්මට හුඩු...T56ක් ඇමෝ මෙගසින් දෙකක් එක්ක තුරුලේ තියෙනවා...දැන් මේක කියවන උඹල අහයි...දන්නවද T56න් වෙඩි තියන්න...? ඔව්... කවදාවත් වෙඩිල්ලක් තියල තියෙනවද...නෑ...එක් සමයෙක්හි... JVP මල්ලිලා දැහැමෙන් සෙමෙන් රාජ්‍ය පාලනය කරන කල්හි...JVP රජෙයේ තුන්ඩු ඇඳිරි නීතිය බල පවත්වන කල්හි...පිඹුර රෝහලේ පොලිස් පෝස්ට් එකක් වියැ...නයිට් ඩියුටියේ පාළු කපන කල්හි...සරත් විමලසුරිය වේදදුරානන් ගේ බලවත් ඉල්ලීම පරිදි...පෝස්ට් එකේ දිසානායක රාළහාමි විසින් රහසිගත T56 ගිණි අවි පුහුණුව…එකදු වෙඩිල්ලක් හෝ නොතබා... දොස්තරයාට ලබාදෙන ලදී...මං වගේ උණ කාරයෙකුට...? එක පාරයි !. වෝ ෆිල්ම් සතියට දෙකක් බලන අපට...තුවක්කු ගැන කියන්න එපා මහත්තයෝ ! කැබ් එකේ AC කැඩිලා...දූවිලි කාගෙන යනවා දාඩිය පේරාගෙන කාෂ්ටක පොලවේ. කොල්ලෝ හතර දෙනත් එක්ක හබරණට ඇවිත් කඩයක් ගාව නවත්තලා කෑම කාලා තේ බිව්වා. මං බිල ගෙව්වා. සිගරැට් ලෝඩ් කරගෙන...දැන් යන්න පටන් ගත්තා. සර්...ටෙරාලගේ ඒරියා එක මැද්දෙන් යන්නේ...බොඩි ආමර් දාගෙන...සර් උඩ කොක්ක හයියෙන් අල්ල ගන්න. මූ කැඩිච්ච පාරේ කඟවේනා වගේ යනවා. බඩේ බඩවැල් කටින් එනවා... හිමිං පලයං..බෑ සර්...එතකොට ක්ලේමෝ ගහන්න ලේසියි. බලු සතෙක් නෑ පාරේ..නිරා නිසා පිහිට වෙන්න දෙයියෙකුත් නෑ කැළේ මැද්දේ...එකෙක්වත් හ්ම් නෑ...මුං බයවෙලා ඉන්නේ ..සිගරැට් බොනවා එක දිගට...ඔච්චර සිගරැට් බොන්න එපා යකෝ...මං ගෙරෙව්වා...සිගරැට් නැතුව යුද්ද කරන්න බෑ සර්... මුන් සිරැට් බොන්නේ ටෙන්ෂන් එක අඩු කරගන්න කියල මට හිතුනා . .මට ගානක් නෑ....දඩ්ඩින්ග්...ගැහුවා ක්ලේමෝ එක .....ජීප් එක අඩි 6ක් උඩ ගිහිං පෙරලුනා...දුඹුරු පාට දුවිලි වළාවයි.. TA මැරිලා ජීප් එක ඇතුලේ..කන් දෙක කූඋඌඌ..න්ග් ...ගානවා .මං ලේ පෙරාගෙන වෙපන් ඒකත් අරගෙන බඩ ගාගෙන එලියට එනවා ...කැලේ ඇතුලෙන් අටෑක් එක එනවා දිගටම පට ..පට පට...ට්ට්...ට්ට්...ට්ට්...මං ඉන්නේ මගේ ඇත්ත වෝ ෆිල්ම් එක ඇතුලේ ...මං මනසින් ඒක අධ්‍යක්ෂණය කරමින් දිගටම ජීප් එකේ යනවා .
 
මතු සම්බන්ධයි !

9 comments:

  1. අම්මට සිරි! බොහොම භයානක ගමනක් ගිහින් තියෙන්නෙ මනෝ පාර ගහගෙන. අර xටයි උගේ ගොට්ටටයි දෙකක් ඇනල ආවෙ නැති එකත් පුදුමයක්...

    ReplyDelete
  2. නේවි නෙමේ අනිත් ගොඩක් තැන් වල තත්වේ ඕක තමා. වැඩක් කරන්න නම් ලොක්කවම අල්ලන්න ඕන.

    නැතිනම් යට ඉන්න උන් කපනවා. නැතිනම් උන් තනියෙන් කරන්න ගිහින් නා ගන්නවා.

    අනිත් කාරනය කැම්පස් වල හෙම කරන සමහර රීසර්ච් හොඳ තියරි ඇත්ත කියලා පෙන්නන්න විතරයි. ප්‍රැක්ටිකලි වැඩක් ගන්න බෑ දැන්ම.ඒ වගේම සමහර දේ (දැනට හදලා තියන දෙයක් උදා විදිහට ඔය ඇන්ටනාවක් ) ආපහු හදන්න සල්ලි ගන්න අමාරුයි ගොඩක් තැන්වල .

    ReplyDelete
  3. අතෑරිච්ච ඔක්කම කියවගෙන ආවෙ...
    අර වගේ කොමඩෝර්ල නං තවත් ඉන්නව නෙව පොර හැබැයි තාම ඇති නේහ්...

    ReplyDelete
  4. අම්මෝ පොස්ට් දාන වේගේ .....ඉතින් ඉතින් ඊටපස්සේ

    ReplyDelete
  5. අම්මටහුඩු! තවත් එකක්.

    ReplyDelete
  6. එළ...
    ඔය තියරි වලින් විතරක් දැනගෙන බයිලා ගහන එවුන් හැම ෆීල්ඩ් එකේ ඉන්නවා...

    ReplyDelete
  7. මොකක්ද අෆ්ෆා මේ මැරතන් එක. :)

    ඊයෙ නවත්තපු තැන ඉඳන් අද කියෙව්ව. දිගටම ලියන්න.

    ReplyDelete