Tuesday, 7 June 2016

විරුවකු නොවූ රණවිරුවා 10

විරුවකු නොවූ රණවිරුවා 10                                                                  
                                  මං ඉතිං මාච් කරනව... \කොමඩෝ ඉලංගකෝන් ලොක්ක ගෙ ඔෆිස් එකට...වම්...දක්.. වම්...දක්....ඝනය...තුන් පෙලින් වම බලාආ... දකුනටඅ..අ...අ...අප් හැරෙන්...දකුණට හැරුන...ස්කූල් කැඩෙටින් මතක් වෙලා මටම තනියම හිනා.  මේකා මොනවගේ එකෙක්ද දන්නේනෑ...අරුන්ගේ බාප්ප වගේ එකෙක්ද දන්නෙනෑ... ඉස්කෝලෙදි කැඩෙට් සාජන් ගෙන්...කඳ හරහ පොලු පාර කාපු මට...මේක මොකක්ද.  ඝනය...උත්තමා චාආ...රඅ..අ..අ..අ..අ...ප්...කරන්. කාමරේට ඇතුල් උනා. උපදෙස් පරිදි සැලියුට් කරේ නෑ. ගුඩ් මෝනිං සර්...ගුඩ් මෝනිං ඩොක්. එයා මාව සාදරයෙන් පිළිගත්තා. ටේක් අ සීට්...නිතර හිනාවෙන ඉතාම සුහද තැන්පත් විනීත නිලධාරියෙක් වගෙයි පෙනුනේ. ළමයා මේ ඩොක්ට ට තේ එකක් ගෙන්න. බොඩිගාඩ්ට කිව්වා. මගේ හිත නිවුනා   අපි දෙන්නා කතාවට වැටුනා පැයකින් අපි අවරුදු ගානක් ආශ්‍රය කරපු යාළුවෝ දෙන්නෙක් බවට පත් උනා. ඒකට ප්‍රධාන හේතුවක් උනා සර් මං වගේම නිරෙක් වීම. එත් මං වගේ ගොං විදියට ප්‍රසිද්දියේ පෙන්නන්නේනෑ. ඩොක් කියල කියන එක ටික ටික අඩු වෙලා සරත් කියන එක වැඩි උනා....නේවි එකේ ඉන්න ඕනේ විදිය පුළුවන් තරම් කියල දුන්නා දවසෙම. හුඟක් වෙලාවට කෑම කෑවෙත් එකට. මං කරන්න හිතන් ඉන්න ප්‍රොජෙක්ට් ගැන මං විස්තර කලා...මේවා කරල සර්...අපි කොටියට දෙමු සර් ගේම...අලුත් උණකාරයා කිව්වා. පිස්සුද සරත් ඔයා ආවේ අද...මං නේවි එකේ අවරුදු ගානක් හිටියා...උන් එක්ක ෆේස් ටූ ෆේස් ගහගත්තා ඇඟේ තුවාල කැළැල් පෙන්නුවා...අපට කවදාවත් උන් පරද්දන්න බෑ....වේගෙන යන දේවල් සහ සමහර නිලධාරීන්ගේ වැඩ නිසා...මොරාල් බැහැල කලකිරිලා වගෙයි මට පෙනුනෙ.
                ඒත් නේවි එකට ආපු අලුත් උණකාරයා ෆුල් පිකප් එකේ, ෆුල් මොරාල් එකේ... අරෙහෙම කරමු සර්... හෙම කරමු සර්...කියනවා. සිංහල ඉංග්‍රීසි භාෂා දෙකේම ප්‍රවීණ, පොතපත , නිව්ස් වීක්, රිඩර්ස් ඩයිජෙස්ට්,  ටයිම්ස්.. Jane's Defence Weekly වගේ මිලිටරි සඟරා( මේවා නේවි එකේ තිබුනට වැඩිය කව්රුවත් කියවන්නෙ නෑ)   දිනපතාම කියවලා... එක එක විෂයට ලෙබ්බෙ පකීර් ලා නේවි එකේ හිටියට මෙච්චර අලුත් ලෝකය ගැන, දේශ පාලනය ගැන දැනුමෙන් මේ වගේ සන්නද්ධ උණ එක නිලධාරියෙක් වත් මං දන්න තරමින් නේවි එකේ හිටියෙ නෑ. පොත් පරිවර්තනය කරන...විද්‍යා උපාධි ධාරියෙක් නිසා ඉලෙක්ට්‍රොනික් දන්නෙ නැති උනාට...ඕනම ටෙක්නිකල් දෙයක් කියල අවසන් කරන්න ඉස්සරින් තේරෙනවා.  හරිසරත්...I don’t believe words…I believe only actions.... කමාන්ඩර් කිව්ව ඔයාගේ ඇන්ටෙනාව වහාම හදන්න කියල. අදම ?...අදමනෙවෙයි දැන්ම...යන්න ගිහිං වැඩේ පටන්ගන්න...ඔන්න පුතෝ නිළධාරිය එලියට පැන්න...බඩුගන්න අවශ්‍ය සල්ලි කමාන්ඩර් මහවිතාන ගෙන් ඉල්ලගන්න. බිල් ගෙනැත් දෙන්න. හුටා...ඉල්ලීමක් නෙවෙයි අණ කිරීමක්. දවස් දෙකෙන් ඇන්ටෙනාව ඕනේ. කාලය මදිනම් රෑත් වර්ක්ෂොප් එක ඇරගෙන වැඩ කරන්න. සර්  උණ කාරයා කාමරෙන් එලියට වීසි කළා.  මුන් ඔක්කොම එකයි ඉස්පිරිතාලෙදි අණදීල මිසක්...පිළිපැදල පුරුදු නැති මට අප්සෙට් !. වර්ක් ෂොප් ගියපු ගමන් කොල්ලෝ කඩේ යවලා බඩු ගෙන්නගෙන වැඩේ පටන් ගත්තා. ඕන එකක් කරව ගන්න මේකේ කොල්ලෝ ඉන්නවා. කැච් කිව්ව ගමන් පැනලා හපන ඇල්ශේෂන් බල්ලො වගෙයි උන්. වැඩක් කියන්න කලින් කරනවා.... නැත්තං ඉතිං...කේස් (නේවි භාෂාවෙන්). 
               මට මේ ඇන්ටෙනාව හදන එක ළමයෙකුට කෝම් පිට්ටු හදනවා වගේ වැඩක් .   කොල්ලෙකුයි මායි එකතුවෙලා රෑ දෙක වෙන කම් හදලා ඇන්ටෙනාව ඉවරකලා. Holy fucking shit...This fuck is really beautiful ! මට වීම් මතක් උනා.  මගේ පුද්ගලික වෝකි ටෝකි එකෙන් ස්කෑන් කරලා...නේවි ෆ්‍රීකුවන්සිඑක අල්ල ගත්තා . දැන් අමාරුම වැඩේ ටියුනින්. ටිකක් දඟලලා තිතට ටියුන් කළා. උඩ තට්ටුවට නැගලා මූද පැත්තට හරවලා... ඩෝරා වලට කෝල් කළා...අම්මට හුඩු මීගමුවේ බෝට්ටුත් කන්ටැක්ට් කරන්න පුළුවන්. වෝකි ටෝකි එකෙන්. ලොකු බේස් ස්ටේෂන් සෙට් එකට දැම්මම බඩුම තමයි. “යුරේකා” !!. වෙලාව තුනයි. කොල්ලට ස්තුති කරලා වෝඩ් රූම් එකට ඇවිත්ඇඳට වැටුනා. මැරුණ වගේ නින්ද ගියා. පහුවදා ඇහැ අරෙනකොට වෙලාව එකොළහත් පහුවෙලා. දඩබඩ ගාලා මුනෙ වතුරටිකක් ගාගෙන, තේ එකක් වත් බොන්නෙ නැතුව දිව්වා ඔෆිස් එකට. මිස් කෝල් ගානක් තිබුනත් බැලුවේ නෑ...කොහෙද මනුස්සයෝ ගියේ...කෝල් දුන්නට ආන්සර් කරන්නෙත් නෑ... නේවි ඒකත් එක්ක සෙල්ලං කරන්න හදනවද ? ලොක්කා ඇඟට පැනලා...ගොරවලා ඔළුවටම හැපුවා. (ඉල්ලං කන පරිප්පුව..පාන්වල ගාලම දුන්නා).. ගිහිං හදනවා ඇන්ටෙනාව...සොරි සර්...හරි දැන් ගිහිං හදනවා. ඇන්ටෙනා එක හදල ඉවරයි සර් ...රෑ  තුනයි සර් ඉවර වෙන කොට...සරත් තමුසෙ යකෙක් නේ...යන් බලන්න...ලොක්කා පුටුවෙන් නැගිටල ආවා.  හොඳයි දැන් මේක වැඩ කරනවද ? ඔව් සර් ටෙස්ට් කරල බැලුවා . හරි මං කමාන්ඩර්ට කියන්නං...එයා ගියා ලොක්ක හම්බවෙන්න

7 comments:

  1. පට්ට ලිවිල්ල..... එතකොට කොටි නැතිවුනේ එහෙනම් මේ නිසා... ඈ...

    ReplyDelete
    Replies
    1. අනේ සමාවෙන්න සර්...කොටී නැති උනේ ඔබ තුමා නිසයි ! ඔබතුමා තරම් මම දක්ෂයෙක් නෙවෙයි !

      Delete
  2. හා ඉතුරු ටිකත් ලියමු බලන්න. බොහොම ආස හිතෙනව කියවන්න.

    ReplyDelete
  3. හමුදාවේ කෙම්පියා මෝටාර් එක ගැන අහලා තියනවද?

    ReplyDelete
    Replies
    1. ඒකත් කියමු බලන්ඩ

      Delete
  4. navy eke inne ballo kiyala wel vidane lokka kiyala thibba neda eka parak

    ReplyDelete