Sunday, 5 June 2016

මම කොයි වගේද... 1


හෝඩියෙ පංතියේ ඉඳන්ම කිව්වොත්...මම ඉපදිලා තිබුනෙම දැනුම පිපාසයක් එක්ක. මේක වෙන්නෙ කොහොමද කියල හොයන්න මට තිබුනෙ පුදුම උණ ක්. ඒ වගේම තමයි පොත් පත් කියවීමේ ආසාව. දෙකේ පන්තියේදී මට යාළුවෙක් දවසක් මටකාන්දම් කෑල්ලක් පෙන්නුවා. ඒකට අල්පෙනෙති ඇදිල එනඑක මහා පුදුම වැඩක්...මේ මහාර්ඝ වස්තුව අයිතිකරගැනීමට මට තිබුනෙ පුදුම ආසාවක්. මට හොඳට සරුංගල් හදන්න පුළුවන්...ඉතිං මං කාන්දම් කෑල්ල පුංචි සරුංගලේකට හුවමාරු කරගත්ත...මේක ගෙදර ගෙනැත් කරපු පර්යේෂණ ගොඩයි. තඹ(සතේ කාසි), පිත්තල සහ ඇළුමිනියම් කාන්දම් වලට ඇදිල එන්නෙනෑ කියල ලෝකේ පළමුවතාවට හොයාගත්තෙ මම. සිගරැට් පෙට්ටි ඊයම් කොලයක් රෝල් කරල, ඒක ඇතුලට රේසර් යකඩබෝලයක් ඇතුලට දාල දෙකෙළවර වහල ගත්තම, කාන්දම් බලෙන් වැඩකරන පිණුම්කාරයෙක් හදා ගන්න පුළුවන්. කාන්දම් බලය ඊයම්කොලය විනිවිද යනව කියල මං තේරුම්ගත්ත.
ඊළඟට මට හම්බඋනා ලක්ෂගානක් වටින... කැඩිච්ච සෙල්ලම් මෝටර්එකක්. ඒක මාර කට්ටක්කාල රෙපයාර්කරල ගත්ත. බුදුරැස්මාලා කරකවන්න තමයි කොල්ලෝ ඒදවස්වල ඕක පාවිච්චි කලේ. එත් මේක ටෝච් බැටරියකට සම්බන්ධ කරහම කැරකෙන්නේ කොහොමද කියලා කොච්චර කල්පනාකරත් තේරුම් ගන්න බැරිඋනා...දවසක් මට ආව මරු අයිඩියාඑකක්...මේක කරන්ට්එක දුන්නම කැරකෙනවනම්...මේක කරකැව්වොත් කරන්ට්එක එළියට එන්න ඕනෙ කියන මෝඩ අදහස. ටෝච්එකේ බල්බ් එක පන්නල අරගෙන...බල්බ්වැල් වල තියෙන පුංචි හෝල්ඩරේකට දාල අමුණ ගත්ත මෝටරේට, කොච්චර අතින් කරකැව්වත් පත්තුවෙන්නේ නැත...මාර සවුත්තුවකි...මං එහෙම ලේසියෙන් පරාදවෙන එකෙක් නෙවෙයි. මේකේ ස්පීඩ්එක මදි වෙන්න ඇති කියල දවසක් මට නිකමට හිතුන. ඇල්ලුවා මේකෙ කූර අම්මගේ මහනමැෂිමේ බෙල්ට්එකට කරකැව්වා ෆුල්ස්පීඩ්...අම්මටසිරි මෙන්න බල්බ්එක කළාමැදිරිපුකක් වගේ පත්තුඋනා...ඔය කව්රුවත් දන්නේ නෑ...ලෝකේ පළමුවරට ඩයිනමෝවක් හැදුවේ සරත් විමලසුරිය !




12 comments:

  1. අන්න හොඳා. බුකියෙ කොටනවාට වඩා මේක හොඳයි. ඔහොම යං.
    Sriyani

    ReplyDelete
  2. Good job
    Pl. Add other chapter also, then we can read continuesly.
    Meanwhile post your profile with the pictures . I want show my son to introduce the legends like you.

    ReplyDelete
  3. Good job
    Pl. Add other chapter also, then we can read continuesly.
    Meanwhile post your profile with the pictures . I want show my son to introduce the legends like you.

    ReplyDelete
  4. අප්පටසිරි... මාර එකතුවිල්ලක් බ්ලොග් ලෝකෙට.. ජය වේවා!

    ReplyDelete
  5. ජයවේවා...වැල්කම් සෑර්..!!!

    ReplyDelete
  6. ස්තුතියි රාජ් .....මං නොලියපු ....මං කියවනවා වාගේ ....අනේ රජෝ නවතින්න නං එපා දිගටම ලියමු

    ඔන්න ඔක්කොම ඉවරයි ...හෙට හවසට බලන්නං අළුත් එක

    ReplyDelete
  7. සුපිරියි සුපිරියි... බුකියෙන් දැකලා ආවෙ.
    ජයවේවා..!!

    ReplyDelete
  8. පලවෙනි එකේ ඉඳන් ම කියවන්න ගත්තා

    ReplyDelete
  9. මේක මගේ ප්‍රියතම බ්ලොග් එකක් වෙයි. මොකද මම උනන්දුවක් දක්වන සබ්ජෙක්ට් එකක් තමයි ඇන්ටෙනා. ඉස්සර පිස්සුවෙන් වගේ කූරු අමුණ අමුණ හැදුවා.

    ReplyDelete