Wednesday, June 22, 2016

විරුවකු නොවූ රණ විරුවා 23

60% ක් මේක මගේ අන්තිම බ්ලොග් එක වෙන්න ඉඩතියෙනවා...කොලේ ආසිය...ඔට්ටුව ජීවිතය...! වැඩිවිස්තර මගේ FB පිටුවෙන්...
                                                ඉතිං ත්‍රස්තවාදියයි දොස්තරයි දෙන්නම තලෙයිමන්නාරමේ කෑම්ප් එකේ මහ ගේට්ටුවෙන් එලියට ආව දැන් ඇති...පල නොකිය පලයන් ගෙදර...කිව්ව එකට හරිම  හිතට අමාරුයි. සී ටී බී බස් එකෙන් ගෙදර ඇවිත්...MOH එකේ පුරුදු රස්සාවම කළා. හොඳ වැඩේ තොට...පැනල දුන්නට... ත්‍රස්තවාදියට දොස්තර බැන්න. ඌ එදා නම්...කුණුහබ්බ නොකියා කටයි පුකයි වහන් උන්න...ඇයි...චා උනානේ...රෑට හැම චැනල් එකෙන්ම ප්‍රභාකරන්ගෙ මාරාන්තික ප්‍රහාර බැලුව. ෂෙහ්...මූට නෙලන්න එකක් හදන්න බැරිඋනානේ ! දෙපාරක් කොටිය අත් ට්‍රැක්ටර්, කුරුම්බැට්ටි මැසිමෙන් උඩින් ඇවිත් කොළඹට බෝම්බ දැම්ම.
                                                           මාස තුනක් විතර සිවිල් ජොබ් එක කරගෙන හිටියත් හිත තිබුනෙ නේවි වර්ක්ෂොප් එකේ. අවි ආයුධ අතර.  හීනෙන් කොටිත් එක්ක යුද්ධ කරල උන්ට පුකෙන් යන්න දුන්න. හුටා...ඊයෙ රෑ ඩයිවර්ලා දාලා කොළඹ වරායට මුහුදයටින් ප්‍රහාරයක් එල්ල කරන්න ට්‍රයිඑකක් දීල...හාබර් මවුත් එකේ ලොකු නැවක් ගිල්වා දැමීම තමයි ටාගට් එක...ඒක කලොත් අවරුදු තුනකට...ආර්ථිකයත් -273 ට යවලා..."ඉල්ලං කා ව" ම... බඩගින්නේ තියන්න පුළුවන් බව අර බඩතඩි...සුදුකොඩි ධාරී...සත් ගුණවත් ප්‍රභාකරන් මහත්මයා දන්නව.  C of N ටත් තරු පෙනිලා ඇති කියලා මට හිතුන...මේකට දෙන්න ඕන බෙහෙත එවෙලෙම ඔළුවට ආවා...හාබර් ඇටැක් එකට පහුව දා මගේ ගෙදරට කෝල් එකක් ආව...තාත්තේ නේවි එකෙන් කතාකරනවා... හිච්චි එකී කෑගැහුව...හලෝ මේ කතා කරන්නෙ නාවික හමුදාපති තුමාගේ ලේකම්...ඩොක්ට සරත් හෙට උදේ දහයට වහාම සේවයට රපොර්තු කරන්න...මේ ක C of N ගේ නියෝගයක්. ඔයාට කොළඹ එන්න තංගල්ල කෑම්ප් එකෙන් වෙහිකල් එකක් එයි. දහයට C of N ගෙ ඔෆිස් එකේ මීටින් එකක් තියෙනවා. කෙලින්ම එතැනට එන්න. මට කාලකන්ණි සතුටක් ඇති උනා...හවස අපේ ගාල්ලෙ ලොක්ක හම්බවෙන්න ගියා රිලීස් ලෙටර් එක ගන්න. ඔයා එනවයි යනවයි...මොකක්ද මේ මළ කරදරේ...මං දන්නෙ නෑ...(සර්...කිව්වෙ නෑ සෞක්‍ය දෙපාර්තමෙන්තුවේ එකෙකුටවත්...ඉන්නකන්ම...ඒකෙ සර්ලා නෑ...නේවි සම්ප්‍රදායට අනුව මට වඩා රෑන්ක් එකෙන් වැඩි හුජ්ජ කොල්ලන්ටත් සර් කිව්වා...ඒක නිළයට කරන ගරු කිරීමක් විතරයි...) මට ආයෙත් නේවි එකෙන් එන්න කිව්ව.... නෑ...මං ඔයා රිලීස් කරන්නෙ නෑ. සාමාන්‍ය යෙන් හැමෝටම දෙන උත්තරේ ලැබුන. එයා මට මාතර ඕනෙ කිවොත්... මටදෙන්නෙ හබරාදූව...හබරාදූව ඕනෙ කිව්වොත් දෙන්නෙ දෙණියාය...අපරාදෙ කියන්න බෑ...සවුත්තු දෙපාර්ත මේන්තුව පෙන්ෂන් යනකංම සරත් අයියට හොඳට සැලකුවා... හරි එහෙනම් පොඩ්ඩක් ඉන්න.... ගෝඨාභය සර්ගේ මොබයිල් නම්බර් එකට මං කෝල් එකක් ගත්ත...මේකෙ අනිත්පැත්තෙ ඉන්නෙ...ගෝඨාභය රාජපක්ෂ කියල එක්කෙනෙක්...එයා තමයි මට එන්න කිව්වෙ...රිලීස් කරන්න බෑකියල කියල කියන්න...මං ෆෝන් එක දික් කළා ලොක්කට...ඕෆ්ක..ක..ක.කරනවා ඕක...! ඒඕ ට කියලා ලියුම ගහගෙන යනවා යන්න...මළ වදේ. කලිසම හෝදගන්න සබන් කෑල්ලක් ඕනද කියල අහන්න හිතුනත් ඇහුවෙ නෑ...තැන්කියු...ලියුම ගහන් මං එලියට පැන්නා...සවුත්තු දෙපාර්තමේන්තුවෙන්.
                                                                             උදෙන්ම නිල්පාට ඩබල් කැබ් එක ආවා ගෙදරට. අපේ ගෙදර ආණ්ඩුව හොඳයි (බොන කොට...කියන්න කලින් බයිට් එක හදල දෙනව...ලබන ආත්මෙත් මාවම ඕනෙ කියල තමයි එයා කියන්නෙ. මං නම් ආස ඇමරිකන් සුද්දියෙකුට ) මොකවත්ම කිව්වෙ නෑ...කිව්වට වැඩක් නෑ...මේ මෝඩය ආයෙත් වලට පනින බව දන්නව. පරිස්සමෙන් ගිහිං එන්න...පිස්සුද...එලියටවත් ආවෙ නෑ. දෙහිවලදී මාර ට්‍රැෆික් ජෑම් එකකට අහුඋනා...අඩිය අඟලට කොටනවා TA...ඉලංගකෝන් සර් ගෙන් කෝල් එකක් ආව...සරත් මොනවද කරන්නේ... ඉක්මනට එන්න...C of N බලං ඉන්නවා...පාගල පලයන් පරක්කු උනා හොඳටම....TA හෝන් ගහලා අරහෙන් මෙහෙන් දාලා කෑම්ප් එකට ආවා...
                                            හාබර් එකේ සීන් එක මෙහෙමයි...හාබර් එකේ වම් පැත්තේ තියෙන්නෙ රංගල නාවික හමුදා කඳවුර...ඒකට තමයි හාබර් එකේ ආරක්ෂාව භාරව තිබෙන්නේ.  ඩයිවර්ලා තුන්දනක් අරං මාළු අල්ලන්නයන ඩිංගි බෝට්ටුවකින් රෑ තුනට විතර ඇවිත්...හාබර් එකට කෙලින්...ඇන්කර් කරලා මුහුදු බෝම්බ තුන හතර කුත් එක්ක මුහුදට බස්සලා. මේ සාමාන්‍ය ඩිංගි බෝට්ටු නේවි එකත් පාවිච්චි කරනවා. ඒ නිසා රෑට මේවා කාගේ බෝට්ටුද කියල හඳුනා ගන්න අමාරුයි. මේවා නැව් වල පතුලට හයි කරලා මුහුද යටින්ම මාරු වෙලා යන්නයි ප්ලෑන් එක. මුහුදයටින් සමහර වෙලාවට වේගවත් දිය වැල් තියෙනවා. "පින්කෙත හෙළ රන්දෙරණේ" වාසනාවට මුන් තුන්දෙනා දිය වැලට අහු උණා. උන් තුන්දෙනා ගහගෙන ගියේ වත්තල පැත්තට ඩයිවර්ලා උඩට මතු වෙලා බලන කොට හාබර් එක පේන්න වත් නෑ. උන් තුන්දනා පණදාගෙන... පීනල.. පීනල පාං කියා ගන්නවත් බැරුව හිටියේ. උන් වැල්ලට පීනලා අවා.  කරුමෙට මොබයිල් ෆෝන් එකක් අතේ තියෙන මාළු කාරයෙක් බොග දාන්න ඇවිත් හිටිය වැල්ලේ. ඩයිවර්ලා කළුපාට ෆුල් ඩයිවින් කිට් එකෙන් හිටියේ. මාළු කාරයා සිංහලෙන් උන්ට කතා කලාම...දෙමළෙන් උත්තර ලැබුන නිසා...මිනිහ සැක කළා මුන් කොටී වෙන්න ඕනේ කියල. පැත්තකට ගිහිං පොලීසියට කෝල් කරහම පොලීසියෙන් ඇවිත් උන් තුන්දෙනා අල්ල ගත්ත.දවස් දෙකක් ප්‍රශ්ණ කරලා බාර දුන්න නේවි ඉන්ට් එකට...නේවි ඉන්ට්එක උන්තුන්දෙනා කරන්න හැදු උතුම් පෝදා පිංකම ගැන සලකලා...තුන්දෙනාගේම මානව හිමිකම් රැකලා...තෑගී බෝග දීලා ඩිංගිබෝට්ටුවකින්ම ගෙදර යැව්වා ආයුබොවං...
                                                                       මං ගියා මීටිමට...එතන නාවික හමුදාවේ උසස්ම නිලධාරීන් හතර පස් දෙනෙක්ම හිටියා. වෙච්චදේ කෙටියෙන් කියලා හාබර් එක ආරක්ෂා කරන්න මොනව හරි ඔයාට කරන්න පුලුවන්ද කියලා C of N සර් මගෙන් ඇහුවා. කොළඹ එනගමන් මගේ ඔළුව ඇතුලේ කොම්පියුටරේ කිෂි කිෂි ගාල වැඩ. කොළඹ ආවේ අයිඩියා එක විතරක් නෙවෙයි ඒකට හදන්න ඕනේ සර්කිට් ඒකත් ඩිසයින් කරගෙන.  C of N ඇතුළු නේවි එකේ උසස් නිලධාරීන් තක්භීර් වෙලා හිටියෙ...මොකක්ද මේ කට කරන්නෙ කියලා. කාටවත් හිතා ගන්න බෑ...මේවගේ ත්‍රස්ත සෙල්ලම් ලෝකේ කොහෙවත් නෑ. උසස් නිලධාරීන් පිටරට ගිහිං කරපු කෝස් වල මේකට උත්තරේ නෑ...එත් ත්‍රස්තවාදී දොස්තරය ගාව තියෙනවා උත්තරේ...(අපි ඒ වෙනසට ගරු කරන්න ඕනේ. බය වෙන්න එපා සර්...ත්‍රස්තවාදී දොස්තරය ඉන්නවා සර්ට...අඩෝ...බලපන් මං ඕකුන්ට කරන වැඩේ... ත්‍රස්තවාදියා දොස්තරට කින්ඩි හිනාවක් දැම්මා ) .
                                      සර්...අපි හාබර් මවුත් එක වහන්න අරින්න පුළුවන් ලොකු දැලක් හදන්න ඕනේ. මේක කඹ වගේ මහත...නැවක් එනකොට පැත්තකට අකුලන්න පුළුවන් එකක් වෙන්නත් ඕනේ. ඒක ෆයිබර් බෝයා වල එල්ලලා එහාට මෙහාට කරන්න පුළුවන්. නයිලෝන් දැල් කපන එක කොටියට සිම්පල්...විදෙස් පුහුණුවලද උසස් නිලධාරියෙක් මැද්දට පැන්න....අයිසේ ඩොක්ට කියල ඉවරවෙනකං ඉන්නවා... C of N ගෙරෙව්වා !!!.  උසස් නිලධාරිය අකුල ගත්තා. කපන්න පුළුවන් වෙන්න මයි සර් දැල දාන්නේ...කලුපාට මහත නයි ලෝන් කඹ වලින් දැල වියන කොට කඹ අස්සට කලුපාට වයර් එකකුත් රින්ගවල තමයි මේක කරන්නේ. ඩයිවර් දැල කපල රිංගන්න හදනකොටම...වයර් එක කැපෙනවා එතකොට දැල පතුලේ එල්ල ලා තියෙන ක්ලේමෝ බ්ලාස්ට් වෙනවා. (මාළුන්ට ඩයිනමයිට් දමා අම්බලංගොඩ... "මාළුකාර, කෞරව රාජ වංශික" ලේඛකයාට අත් දැකීම් ඇත). දැල කපපු තැනට උඩින් ඇති ස්ට්රෝබ් ලයිට් එක පත්තු වෙනවා. ඒක දැල කපපු තැන සොයා ගැනීමට නේවි ඩයිවර්ස් ලට ලොකු පහසුවක්. බෝයා වල හයිකරපු සයිරන් වැදිලා මුළු කෑම්ප් එකම එලර්ට් වෙනවා. කෂ්ටිය කටවල් ඇරන් බලං ඉන්නවා...මූ නම් යකෙක් !!! ඒ මූණු වල ඇඳිලා තිබුනා. මං අදම Porto type එක හදන්න ගන්නම්. හරි ඔයා වැඩේ පටන් ගන්න ඕන කරන දේවල් සියල්ලම ඔයාට ලැබෙයි  (C of N මට Kiss එකක් දුන්නා !). මීටීම ඉවරයි. මං ඉලංගකෝන් සර් එක්ක එලියට ආවා... කොහොමද සරත් ඔයාට මේ වගේ අදහස් එන්නේ...? දන්නෙ නෑ සර්...නිකංම එනවා...හරි දැන්ම ස්ටෝර්ස් වලින් බඩු අරගෙන සාම්පල් එකක් හදන්න. දවස් දෙකෙන් අඩි 10x10  දැලක් හැදුවා වයර් වලින්. ස්ට්රෝබ් ලයිට් දාලා සයිරන් එකකුත් හයි කළා. ක්ලේමෝ  එක වෙනුවට ඩෙටොනේටර් එකක් දැම්මා.
                                        සර්කිට් එක දවස් දෙකක් නිදිමරාගෙන හදලා ඉවර කළා. buzzer එකකුයි strobe light එකකුයි LED දාලා අවුට්පුට් චෙක් කළා බීප්...බීප්...බීප් මාරයි...බඩු වැඩ !. සර් වැඩේ සාර්ථකයි මං ඉලංගකෝන් සර්ට (DNPP එකේ ලොක්කා) කෝල් කරල කිව්වා. සර් දුවගෙන ආවා මේ වීසිදැළ බලන්න. දැළ වර්ක්ෂොප් එකගාව කොට්ටම්බා ගහේ දිග අත්තක එල්ලුවා. සර්ට දුන්නා කපන අඬුව...උතුර බලා සුභ නැකතින් දැළ කැපුවා ටෝන්ග්...ඩෙට් එක බ්ලාස්ට් උනා...සයිරන් එක වදිනවා... ස්ට්රෝබ් ලයිට් එක ෆ්ලෑෂ් වෙනවා... මේ වගේ බල්බ් තමයි හෙලිකොප්ටර් වල නැට්ටේ තියෙන්නේ...කිලෝ මීටර් දහයක් දුරට මේවා පේනවා. වැඩේ හරි කියල මං C of N ට කියන්නං...අද හවසට බාර්එකේදි හම්බ වෙමු !.  පහුවදා C of N ආව දැළ බලන්න...මං කපන කපන අඬුව දුන්න C of Nට සර් කපල බලන්න. අපෝ මට බෑ කරන්ට් වැද්ද ගන්න ඔයාම කපන්න...හරි ඕක කැපුවම මොකද වෙන්නෙ...C of N ඇහුවා...සයිරන් එක වදිනවා... ස්ට්රෝබ් ලයිට් එක ෆ්ලෑෂ් වෙනවා...ඩෙට් එක බ්ලාස්ට් වෙනවා.  C of N කැමති නෑ එක්ස් ප්ලෝසිව් එක්ක මං වැඩකරනවට. ඔය ඩෙට් එක අයින් කරලා බල්බ් එකක් දාල පෙන්නන්න !. සිස්ටම් එක තිතට වැඩ...හරි හොඳයි...දැන් ඇත්ත එක හදන්න පටන් ගන්න...C of N ගියා.
                                                            ආයුධ උපකරණ ගෙන්නලා කොමිස් ගහන කාක්කෝ ගොඩක් නේවි එකේ හිටියා. රටේ ආරක්ෂාව වැදගත් නිසා මේ කෝටි ගණන් වටින ප්‍රොජෙක්ට් කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතුව අනුමත උනා. ඒවට ගෙනා කෝටි ගණන් වටින ආයුධ, උපකරණ, ගබඩාවල ගොඩ ගැසුනා. මගේ දැල් ප්‍රොජෙක්ට් එක කරන්න දුන්නෙ නෑ. අන්තිමේදී කෝටි ගණනක් දීලා ඊශ්‍රායලෙන් Diver Detection Sonar Systems ගෙනාවා...ඒවා ටික කලකින් වැඩ නොකර ගබඩාවල තැන්පත් උනා.  ජොනී බට්ට ලස්සන නැති උනාට...ඉතාලියේ හදපු ලෑන්ඩ් මයින් එකට වඩා ලස්සනට කකුල කඩනවා කියල එයාලට පහදලා දෙන්න මට නොහැකි උනා. කට්ටියම එකතුවෙලා කන්ඩේම් කරලා කේලම් කියලා මට වැඩේ කරන්න දුන්නෙ නෑ
 C of Nටත් හැමෝම තරහ කරගෙන වැඩ කරන්න බැහැනේ .
                       ඔන්න හිටපු ගමන් කෑම්ප් එකේ ඇක්ෂන් ගැහුවා. සියළු දෙනාම හිටපු තැන්වලම සීරුවෙන්. හදිසි ප්‍රහාරයකට මුහුණ දීමට කොළඹ නාවික හමුදා මූලස්ථානය සූදානමින් සිටි. ගොඩ නැගිලි උඩ සිටින බර මැෂින් තුවක්කු කරුවෝ අවි අමෝරා සිටිති...එක්වරම මුළු කොළඹම ලයිට් ගියා. තිත්ත කළුවරයි. කොටී කුරුම්බැට්ටි මැෂින් දෙක උස්සලාලු. කුරුඳුවත්තෙ නෝනලා මහත්තුරු ඇඳන් යට. කොටියා කටුනායක ගුවන් හමුදා කඳවුරට බෝම්බ දෙකක් අතහැරලා ආපහු ගියා. දැන් ඔන්න ප්‍රශ්ණයක් තියෙනවා ත්‍රස්තවාදියට? මේ කාමරේ ඇතුලේ කරනම් ගහන නිළ මැස්සා..නහයේ වහනවා ගහන්න හිතන කොටම ඉගිල්ලෙනවා...ආයෙත් කටේ වහනවා අත උස්සනකොටම ඉගිල්ලෙනවා. මේ ප්‍රශ්නේ මං තේරුම් ගත්තෙ ඒ විදියට. එත් උසස් හමුදා පාසැල් වල වෙල් ට්‍රේන්ඩ් ඔෆිසර් ලා ACකරපු කාමරවල ඇති රවුම් මේස වටේ ඉඳගෙන මේ මැස්ස මරන්න වැඩිපුර මිග්...කාල තුවක්කු ඕඩර් කළා. සෙ‍කට්රි එක්ක තිබුණු මීටින් වලදී යෝජනා කලේ ඒවා . උද්ගතවෙලා තිබෙන තත්වයෙන් උපරිම ප්‍රයෝජනේ ගන්නත් එපායැ. ඔන්න ත්‍රස්ත වාදියටත් එන්න කිව්ව මීටිමකට වැඩේ බෙර ගන්න බැරිම තැන. ඒ වෙනකොට හත් පාරක් කොළඹට උඩින් ඇටැක් කරල තිබුන.
                             මටත් මගේ අදහස කියන්න ඉඩ දුන්න මං කිව්ව මං පොඩි කාලේ වෙච්ච සිද්ධි යක්. අපේ පුංචි ඉඩමකට මං අම්මත් එක්ක යනව පොල් කඩවන් එන්න. මං පුංචි කාලෙ කැටපෝල් පිස්සා. නිතරම කැටපෝල් එක සාක්කුවෙ තිබුණ. අනිත් සාක්කුවෙ තිබුනෙ ගල් පතුරම්. කුරුල්ලොන්ට විදින්න තමයි මේක තියන් හිටියෙ. උන් මරන්න නෙවෙයි කූඩු වල දාල ඇතිකරන්න, උන්ගෙ පිට අත ගාන්න උන් පියාඹන විදිය හොයාගෙන ඒ වගේ පියාබන්නපුළුවන් යන්තරයක් හදන්නයි මට ඕන උනේ. මගේ ඉලක්කය වැරදුනේ කලාතුරකින් තමයි. දවසක් මං දැක්ක පුංච් සුදුපාට සමනලයෙක්... ඒ ජාතියේ සමනල්ලු බැදිවල නිතර දක් නට ලැබුන...දැන් බෙහෙතකටවත් එකෙක්වත් දන්න නෑ. ඌට මං ගල් ඉවරවෙනකන්ම තිව්ව...ඌ අරහෙට මෙහෙට වෙට්ටු දමදමයනව කොච්චර තිව්වත් වදින්නෙ නෑ. හදිසියෙම පුංචි අයිඩියා නන්දට මරු අදහසක් ආව. ගත්ත බූහනස්සක් ඇදල අරිය ඌට එකෙන්ම ඌ බිම පව් අසරණ සතා.(ෂුවර් එකටම උඹ හෙට සිංගප්ප්පූරුවෙන් අපායට !) එත් මොකකක්ද මේ ත්‍රස්ත වාදී කුරුම්බැට්ටි සමනලයට බුලට් ස්ප්‍රේ කරන්න පුළුවන් මැෂිම ? Gatling Gun !!! ඒක තමයි උත්තරේ. අර Predator 1 ෆිල්ම් එකේ Arnold Schwarzenegger පාවිච්ච් කරපු කැරකෙන බැරල් තියෙන ගන් එක. (ෆිල්ම් එක ආයෙත් බලපල්ලා කොහොමද නෙළන නෙලිල්ල කියලා ) හරි හරි අපේ මානව හිමිකම් වාර්තාව හොඳ නැති නිසා ඇමරිකාව මේවා අපිට දෙන්නෙ නෑ. අපි උතුරු කොරියාවෙන් (උතුරු කොරියාවැට ආයුධ අපනයනය තහනම්) මාළු බෝට්ටුවකට දාල හොරෙන් ගෙන්න ගත්තු ඩුප්ලිකේට් Gatling Gun තොගයක් තියෙනවා ස්ටෝරුවේ ඒවගේ සර්කිට් මූදු වතුරට නරක් වෙලා දැන් එකක් වත් වැඩකරන්නේ නෑ. මේ තුවක්කුව ගැන...ෆිල්ම් එක බලපු දවසෙ ඉඳන්ම මේ මැෂින් ගන් එකට ආලයෙන් බැඳුනු ත්‍රස්තවාදියාට...Gun එක ගැන සෑහෙන දැනුමක් තිබුන. සර් මට එකක් දෙන්න මං රෙපයාර් කරන්නම් අලුතෙන් සර්කිට් හදල. ඉලංගකෝන් සර් තිරිකුනාමලේ ආමරියට සිග්නල් කරල මට එකක් ගෙනැත් තෑගී දුන්න, පොඩි ත්‍රස්ත වාදී කොල්ලට ලොලිපොප් දුන්න වගෙයි !!!.

https://www.youtube.com/watch?v=iLEGE7k9FD4

                                   ඒක වැඩ කරන්නෙ 24V DC විදුලි මෝටරයකින්. බැරල් ටික කරකවන්නේ ඒකෙන්. බැරල් හයයි විනාඩියට පතුරම් වට තුන්දාහයි... "ඕ මයි බුද්ධ"... . හදා ගත්තොත් "නල්ල පඩම්". දෙන්නම් සීනි බනිස් වෙන්න. Gatling Gun එක ආවා...වරක්ෂොප් එකේ පෙටි ඔෆිසර් (සුලු නිලධාරි ) මට කෝල්කළා. ගියා නෙවෙයි දිව්වා...අලුත් පෙම්වතී බලන්න. ගන් ඒකත් එක්ක ඒකට ට්‍රේනින් වෙච්ච සේලර් කෙනෙකුත් ආවා...ඌට නේවි එකේ කියන්නෙ "ගැට්ලින් ජයා" කියල. ඌ විතරයි මේක ගලවලා හයි කරන්න දන්නේ...ඇයි මම ?...මාත්  දන්නවා. මොකකක්ද මේ ලස්සන කෙල්ලට තියෙන ලෙඩේ...මං ගැට්ලින් ජයාගෙන් ඇහුවා. සර්...මේවගේ මෝටර් වැඩකරන්නේ නෑ සර්කිට් දිරලා මූදු වතුරට. හරි සර්කිට් එකක් මං අලුතෙන් ඩිසයින් කරන්නම් මෝටර් එකයි සර්කිට් එකයි ගලවලා මට දෙන්න. ඔයා ගන් එක සුද්ද කරලා ඔයිල් කරලා තියන්න. දවස් තුනක් විතර කට්ට කාලා මං ගැහුව සර්කිට් එක. උන් පාවිච්චි කරල තිබුනෙ ඇනලොග්...මගේ එක ඩිජිටල්. අර සර්කිට් එකෙන් 1/4 යි...පුංචියි. කාර් බැටරි දෙකකින් බලය දීලා කර කවල බැලුවා... ක්ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ර් ක්ර්... අම්මටසිරි ඔය දුවන්නේ අපුරුවට. ඔන්න ඉතිං නේවි එකේ උපදේශක බමුණෝ වට උනා...දැන් දෙනවා ත්‍රස්තවාදියාට ටියුෂන්...ගන් එක ගැන...සමහරු මගෙන් අහගෙන මටම ටියුෂන් දෙනවා...මාරයි ! ඩොක්ට ඕක මහ භයානක අවියක්... ලොකු බැක් ෆයර් එකක් තියෙනවා. නැවකට මවුන්ට් කරලා මිසක් ෆයර් කරන්න එපා...අනේ පලයන් ලොක්කා යන්න...මං වැලිසර වෙඩි පිටියට ගිහිං මේකෙන් නෙලනවා...කොටියට. ලොක්ක ගෙන් පර්මිෂන් අරගෙන පෙමවතිගේ කරට අතදාගෙන මං ගියා වැලිසර වෙඩි පිටියට. අඩි 1 1/2 ක් දිග යකඩ කොකු තුනක් ගෙනිහින් බර මිටියකින් ගහලා ගැට්ලින් ජයා ගන් එක පොලවට හයි කරලා මට දුන්නා.
                                                       මම බිම දිගා වෙලා ගැහුවා පලවෙනි වටේ ...ArnoldSchwarzenegger ...මොන බල්ලෙක්ද... මං නෙ බල්ල...නෙළුවා... නෙළුවා..නෙළුවා... බරටම නෙළුවා
 ජිගි... ජිගි... ඩිගි ඩිගි ඩිගි ඩිගි ජිගි ජිගි ඩිගි...ඩිගිග්...  ටාගට් එක හිල් උනේ නෑ අතුරු දහන් උනා !. අද ගහනවා ඔළුව සාක්කුවට වැටෙන්න...! පටව ගනිං ගන් එක යමං ආපහු...

නර්ස් කතා කරනවා...තියටර් එකට ගිහිං ඇවිත්...ආසිය කොලේ මගේ පැත්තට වැටුනොත්...පොඩ්ඩක් රෙස්ට් කරලා හෙට ආපහු ලියන්නම්.,. නොවැටුනොත්...මං යනවා. මුහුදට වැටුණු ගල් කැටයක් වගේ නොපෙනී යනවා සදහටම....මාගැන මතකය ගුලිකර මහ මුහුදට දමන්න  !

Bye Bye My Friends !              
                                 
                                                   

23 comments:

  1. ආසියා කොලේ බලෙන් හරි වට්ට ගන්න මහත්තයෝ...
    නැත්තං බාගෙට කියවපු අපි හබක්...

    ReplyDelete
  2. මගේ රටට දළදා හිමි සරණයි...
    මගේ දැයට දළදා හිමි සරණයි..

    ReplyDelete
  3. 60% අන්තිම බ්ලොග් එක නෙමෙයි ඩොකෝ.. 60% ක් අන්තිම බ්ලොග් පෝස්ටෙක.. හැක්

    ඩීසී මෝටරයක් 24 වෝල්ට් කරන්නෙ ඇයි.. 40% වෙන්ඩ කලින් කියල දියං ඩෝ

    ReplyDelete
  4. ඔබ කොයිවගේද කියල දැනගන්නත් කලින් ඔහොම යන එක හරි නෑනෙ. ඒ නිසා ආසිය වට්ටගෙන ආයෙ හෙට අනිද්දා ආවනම් තමා හොඳ. ඔපරේසම සාර්තක වේවා ඩොක්. හෙට අනිද්දා ලියමු ආයේ ඇට්ටි හැලෙන්න.

    ReplyDelete
  5. //ලබන ආත්මෙත් මාවම ඕනෙ කියල තමයි එයා කියන්නෙ. මං නම් ආස ඇමරිකන් සුද්දියෙකුට//

    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. මටත් මෙහෙම්මමයි , කරුමෙට මේකි බ්ලැක් ඇමරිකන් , හුල්ලන හීල්ලිල්ලේ හැටියට මං ලබන ආත්මේ නෝවේ වල ඉපදුනත් , මේකි එයි සරනාගත වීසා ගහගන එහෙට

      Delete
    2. මටත් මෙහෙම්මමයි , කරුමෙට මේකි බ්ලැක් ඇමරිකන් , හුල්ලන හීල්ලිල්ලේ හැටියට මං ලබන ආත්මේ නෝවේ වල ඉපදුනත් , මේකි එයි සරනාගත වීසා ගහගන එහෙට

      Delete
  6. ඉක්මණටම ඇවිත් ඉතුරු ටිකත් ලියන්න... ඔබ වැනි කෙනෙක්ට හදිසියේ සමුගන්නට දෙන්න බෑ...

    ReplyDelete
  7. මායි මගේ බ්ලොග් යාලුවෙකුයි බලාගන ඉන්නේ , ඔහෙත් එක්ක මත් වතුර ටිකක් බොන්ඩ , පිස්සුනං කෙලින්ඩ එපා මහත්තයෝ , විකාරනං කෙරුවත් කමක් නැ , මට එහේ යන්ඩ තව බර කාලයක් තියනවා , එච්චර ඉවසන්ඩ බැ

    ReplyDelete
  8. මායි මගේ බ්ලොග් යාලුවෙකුයි බලාගන ඉන්නේ , ඔහෙත් එක්ක මත් වතුර ටිකක් බොන්ඩ , පිස්සුනං කෙලින්ඩ එපා මහත්තයෝ , විකාරනං කෙරුවත් කමක් නැ , මට එහේ යන්ඩ තව බර කාලයක් තියනවා , එච්චර ඉවසන්ඩ බැ

    ReplyDelete
  9. තෙරුවන් සරණින් ඔබට ඉක්මන් සුවය ලැබේවා..!!
    ඔහේ නිරා උනාට මට පාං ද?
    ඉක්මනට ලියමු ඩොක්.
    ජයවේවා..!!

    ReplyDelete
  10. ආසියා කොලේ වැටේවා..... ඉක්මනින් සුව වෙලා තව ලියන්න පුලුවන් වේවී....

    ReplyDelete
  11. This is interesting :) mostly the senior officials behaviour. .

    ReplyDelete
  12. තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා.

    ReplyDelete
  13. nurse nona wetha ,,

    Oba thumiyage wattuwe prathikara labana sarath wimalarathna namathi rogiya nidahas karana men illa sitimi.

    ReplyDelete
    Replies
    1. රන්සකු ලියුම ගහන්න ඕන අපායට..


      හිතවත් යම රජජුරුවන් වහන්සේ වෙතයි,

      ඔබතුමාගේ රාජධානිය වෙත පැමිණිමේ නිවේදන නිකුත් කර ඇති සරත් විමලසුරිය නම් ත්‍රස්තවාදියා සම්බන්ධවයි.

      පසුගිය අඟහරුවාදා දින පෘථිවියේ සිංගප්පුරුව නම් ස්ථානයේ ස්ථාපනය කර ඇති ඔබතුමාට විරුද්ධ ආයතනයක නේවාසිකව ඔබතුමාට විරුද්ධව කටයුතු කරනු ලබන සරත් විමලසුරිය නම් ත්‍රස්තවාදියා හට සමාව ප්‍රදානය කරන මෙන් ආයාචනා කර සිටිමි. එම ගැත්තා කට මැත දෙඩවුවාට ඔබතුමා හට හානිකර කිසිදෙයක් ප්‍රකාශ කර හෝ සිදු කර නොමැති බවට “මේ වනතෙක් අවසන් පැමිණිමේ නිවේදන“ නිකුත් කොට නොමැති මා ඉතා කාරුණිකව දන්වා සිටිමි. සරත් ගැත්තාගේ මෙම සියලු ක්‍රියාවන් ඔබතුමාට විරුද්ධව සිදු නොකරන බව ඔහු පෙන්වා ඇති ප්‍රතිශත ගනන් වලින් ඔබතුමාට තේරුම් ගනු හැකි වෙතැයි උදක්ම බලාපොරොත්තු වෙමි.


      තවද, ඔබ වහන්සේගේ මනදොළ සපුරනු වස්, ඒ ගැත්තා හට තවත් බොහෝ ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට ඇති බවත්, එමගින් ඔබ වසන්සේ මුසපත් වී සරත් ගැත්තා හට අවසන් පැමිණිමේ නිවේදන බොහෝ සතුටෙන් යුතුව නිකුත් කළ හැකි බවත් යටහත් පහත්ව දන්වා සිටිමි.

      එසේ හෙයින්, ඔබතුමාගේ ක්‍රියාකලාපයට විරුද්ධව කටයුතු කරන එම ස්ථානයේ කටයුතු කඩාකප්පල් නොකර, තව ටික කාලයක් හෝ සරත් ගැත්තා හට තම ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය අවකාශය, අවසරය ලබා දෙන මෙන් ආයාචනා කර සිටිමි.

      මෙයට විශ්වාසී,

      ඔබගේ ඇමතුමට සැනෙන් පැමිණීමට නියමිත,

      දේශක ගැත්තා.

      හැක්

      Delete
  14. Sarath uncle is fine, somebody had contacted him after the surgery. Got the news from his FB

    ReplyDelete
  15. අටම්ගෙන් පාර අහගෙන මාත් ආවා ඕං

    ReplyDelete
  16. . කට්ටියම එකතුවෙලා කන්ඩේම් කරලා කේලම් කියලා මට වැඩේ කරන්න දුන්නෙ නෑ ////// typical Sri Lankan style

    ReplyDelete
  17. හරි! යමයා ආයෙ එව්ව. දැං පොත ගැන හිතල බලමු.

    ReplyDelete
  18. කාලෙකින් කියවන්ඩ හම්බුන පට්ට බ්ලොග් එකක්.!
    අටම්පහුරට ස්තුතිය

    ReplyDelete